කුඩාබාලගේ යළි රක්ෂණ සංස්ථාවට. විජිත හේරත් යළි විදුලිබල මණ්ඩලයට

එම්. සී. සී. ෆර්ඩිනැන්ඩෝ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරය සඳහා එහි හිටපු සභාපති විජිත හේරත් මහතාව පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

විජිත හේරත් යනු එම්. සී. සී. ෆර්ඩිනැන්ඩෝ මහතාට පෙර ලංවිම සභාපතිවරයා වශයෙන් කටයුතු කළ, අත්දැකීම් සහිත නිලධාරියෙකු වන අතර ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු ද වේ. ඒ මහතා මේ වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි.

එසේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය සඳහා එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයකු වූ පියදාස කුඩාබාලගේ මහතාව පත්කිරීමට නියමිත බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

පියදාස කුඩාබාලගේ යනු වත්මන් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය දැරූ සමයේ එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ, අත්දැකීම් බහුල පුද්ගලයෙකි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ මුදල් අවභාවිතාවක් පිළිබඳව චෝදනා කරමින් පසුගිය යහපාලන රජය සමයේදී ඔහු ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2019 වසරේදීම විශේෂ මහාධිකරණය විසින් ඔවුන් නිදොස්කොට නිදහස් කෙරිණි.

පියදාස කුඩාබාලගේ මහතා මේ වනවිට ලාෆ්ස් සමාගමේ Group CEO වශයෙන් කටයුතු කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...