ලංකාවේ සියලුම ප්‍රසිද්ධ සමාගම්වල සභාපතිවරුන්ට, CEO වරුන්ට ජනපතිගෙන් කැඳවීමක්

0
4218

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රසිද්ධ සමාගම්වල සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව මෙම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ගෙන් සැදුම්ලත් ව්‍යාපාරික කවුන්සිලයක් ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙරට අපනයන ආදායම් වර්ධනය කිරීමේදී සහ දේශීය කර්මාන්ත ඉහළ නැංවීමේදී තමන් මුහුණ පාන ගැටළු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර විසඳුම් ලබාගැනීමට මෙයින් ව්‍යාපාරික ප්‍රජාවට අවස්ථාව හිමිවනු ඇති අතර එය රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දියුණුවට විශාල පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here