ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙනවා – රජයේ මුද්‍රණාලයාධිපතිනී

Date:

රජයේ මුද්‍රණාලය පවසන්නේ පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවත්, මුද්‍රණයට අදාළව සිදුකරනු ලබන පරීක්ෂා කිරීම් ඇතුළු මූලික කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පැවසීය.

තවද, අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ලබන සතියේදී සිදුකිරීමට පෙර එහි අක්ෂර දෝශ සහ ඡන්ද පත්‍රිකාවල නිවැරදි කිරීම් ඇතුළු සියලු දේ නැවත පරීක්ෂා කර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිසමෙන් යළි විමසා බැලීමෙන් පසු මුද්‍රණයට යොමු කරන බවද ඇය පැවසීය.

වැඩිදුරටත් ඇය පැවසූවේ පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි මුද්‍රණ කටයුතු දැනටමත් රජයේ මුද්‍රණාලය මගින් සිදුකෙරෙන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...