ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙනවා – රජයේ මුද්‍රණාලයාධිපතිනී

රජයේ මුද්‍රණාලය පවසන්නේ පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවත්, මුද්‍රණයට අදාළව සිදුකරනු ලබන පරීක්ෂා කිරීම් ඇතුළු මූලික කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පැවසීය.

තවද, අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ලබන සතියේදී සිදුකිරීමට පෙර එහි අක්ෂර දෝශ සහ ඡන්ද පත්‍රිකාවල නිවැරදි කිරීම් ඇතුළු සියලු දේ නැවත පරීක්ෂා කර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිසමෙන් යළි විමසා බැලීමෙන් පසු මුද්‍රණයට යොමු කරන බවද ඇය පැවසීය.

වැඩිදුරටත් ඇය පැවසූවේ පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි මුද්‍රණ කටයුතු දැනටමත් රජයේ මුද්‍රණාලය මගින් සිදුකෙරෙන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්