හෙලිකොප්ටර් මණ්ඩලේ කචල් : සම සමාජය එළියට තල්ලු කරයි !

Date:

අලුතින් පිහිටුවන ලද ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන උත්තර ලංකා සභාගයෙන් ලංකා සම සමාජ පක්ෂ ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ලසසප නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

උත්තර ලංකා සභාගයේ සාමාජික පක්ෂ 7න් ප්‍රධාන පක්ෂයක් ලෙස ලසසප තිබුණත් පෙරේදා (27) පැවති එම සභාගයේ මංගල මැතිවරණ රැස්වීමට තම පක්ෂයට වචනයකින් හෝ ආරාධනා කර නොතිබුණු අතර එවන් රැස්වීමක් තිබුණු බවක් තමන් දැනගත්තේ ද පසුදින බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම හෙලිකොප්ටරය ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීම සඳහා තම පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයින් රැසකටම එම අවස්ථාව ලබාදී නොමැති බවත් තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය.

“උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවා ඇති නිදහස් ජනතා සන්ධානයෙන් තරඟ කිරිම සඳහා අප ඉදිරිපත් කළ අපේකෂකයින් රැසකට අවස්ථාව ලබා දීල නෑ. මේ විදිහට බලන කොට අපේ පක්ෂයට අනෙකුත් පළාත්වලත් මේ හා සමානව කැපිලි දාලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපි ඉල්ලූ අපේක්ෂකයින් තුනක් වත් ලැබුණේ නෑ. සම සමාජ පකෂයට බලය තියෙන මාතර දිස්ත්‍රික්කයෙනුත් අපේ අපේක්ෂකයින් ඉවත් කරල තියෙනවා. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ සම සමාජ පක්ෂයට විරුද්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි”

මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...

මීළඟ උතුරු කොරියානු නායකත්වයේ උරුමය කිම් ජොන් උන් ගේ දියණියටද?

සටහන – පුලී පෙබරවාරි 13, LNW (කොළඹ):  උතුරු කොරියානු නායක...