වෛද්‍ය පරිපාලකයන්ගේ විද්‍යාලයේ උප සභාපති ලෙස වෛද්‍ය බෙල්ලන තේරී පත්වෙයි!

Date:

වෛද්‍ය වෘත්තිකයින්ගේ ප්‍රබලතම සහ කීර්තිමත් වෘත්තීය සංගමයක් වන වෛද්‍ය පරිපාලකයන්ගේ විද්‍යාලයේ උප සභාපතිවරයා ලෙස වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා තේරී පත්ව තිබේ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි.

එහි වාර්ෂික මහ සභා රැස්වීම පසුගිය 28 වැනිදා කොළඹදී පැවති අතර එහිදීයි නව නිලධාරී මණ්ඩලය පත්කරගෙන ඇත්තේ.

රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද විවිධ රෝහල් වල අධ්‍යක්ෂවරුන්ගෙන් මෙම වෘත්තීය සංගමය සකස් වී තිබේ.

ඒ අනුව පත්ව තිබෙන අනෙක් නිලධාරී මණ්ඩලය වන්නේ,

සභාපති – වෛද්‍ය ලාල් පනාපිටිය (සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්)

තේරී පත් වූ සභාපති – ආචාර්ය කුමාර වික්‍රමසිංහ (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්)

ලේකම් – ආචාර්ය සමින්දි සමරකෝන් (අධ්‍යක්ෂක NCD)

භාණ්ඩාගාරික – වෛද්‍ය කපිල වික්‍රමනායක (අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම් අංශය)

සංස්කාරක – ආචාර්ය ප්‍රියන්ත අතපත්තු (අධ්‍යක්ෂක තෘතීයික සත්කාර)

සහකාර ලේකම් – ආචාර්ය අර්ජුන තිලකරත්න (අධ්‍යක්‍ෂ පේරාදෙණිය ඉගැන්වීම)

සහකාර භාණ්ඩාගාරික – වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර (අධ්‍යක්ෂ ජාතික රෝහල) යන අයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...