*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඉරාන කාන්තා නිදහස වෙනුවෙන් දැවුණු පාපන්දුලෝලිනිය – සාරා කොදයාරී

ආගම්වාදය ජාතිවාදය කරපින්නාගෙන රටකට යා හැකි දුරේ සීමාව ලෝකයට තීරණය කළ හැකි බව ඊයේ නිමාව දුටු ඉරාන – ඉරාක පාපැදි තරගයේදී මනාව පැහැදිළි විය.යම් හෙයකින් මිනිස් අයිතිවාසිකම් කප්පාදුවට ලක් කරන සීමාවන්ගෙන් කිසිවෙක් හෝ පීඩාවක් ලබන බව ලෝකයට හැඟුණ විට,ඊට එරෙහිවීමට ඇති ඉඩ රටකට තමන්ට කැමති පරිදි හැසිරෙන්නට ඇති සිමාවන්ට වඩා පළල්ය.රටක් තනිව පැවතෙන්නට හැකි බව සිතීමේ මිත්‍යාවේ සළු ඉරානයේ පාපන්දු තරග නැරඹීමේ කාන්තා අයිතිය ජගත් පාපන්දු සම්මේලනය විසින් තීරණය කිරීමෙන් පැහැදිළි වූ එම සිදුවීම එක්තරා ඉරාන කාන්තාවක විසින් ජීවිතය පුදා අත් කර දුන් ජයග්‍රහණයකි.
ඇය සාරා කොදයාරිනම් විය.

සාරා 1981 න් පසුව පාපන්දු තරග නැරඹිමට කාන්තාවගේ අයිතිය ඉරාන පාලක ඉස්ලාම් පූජකයන් විසින් පැහැර ගැනීමෙන් වසර නවයකට පසුව ඉපැදි කාන්තාවක්ය.ටෙහෙරානයේම විසූ සාරා දැඩිව පාපන්දුවට ලොල් වුව ද,එම තරගයක් සජීවීව නැරඹීමේ ආශාව ඉස්ලාම් පල්ලියේ බාධාවන්ගෙන් ඉටු කරගත නොහැකි බව දුටුවාය.
ඉංග්‍රිසි බස සම්බන්ධයෙන් සහ පරිගනක විද්‍යාව සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති සාරා තමන්ගේ අධ්‍යාපන මාධ්‍ය දෙකෙන්ම සුවිසල් ලොව දකින්නට සහ කියවන්නට අවස්ථාව ලද්දාය.ඒ හරහා ලෝකයේ කාන්තා නිදහසේ සුවිසල් බව ද ඇය අත් විඳින්නට ඇත.අඩුම තරමේ ඒ නිදහසට සාපේක්ෂව තමන් කැමතිම පාපන්දු තරගයක් හෝ නරඹන්නට අවස්ථාව නැති රටක නිතිය ද ඊට පදනම් වූ ආගම සම්බන්ධයෙන් සාරා ට වේදනාවක්,පසුතැවීමක්,තළකිරීමක් එන්නට ඇත.

නීතිය ජීවිතයට කරන බලපෑම අමානුෂික එකක් බව තර්ක කරත් ඇය ඊට අභියෝග කරන්නට බිය වුවාය.එහෙත් ඇයට විඳින්නට අවශ්‍යය කිසිවෙකුට හානියක් නොවන පාපන්දු තරගයක සජීවි දසුන් නරඹන්නට ක්‍රීඩා පිටියට යන්න ඇය උපක්‍රම හෙව්වාය.දෙවැනි පුරවැසියන් කර ගැහැණුකමට බැට දෙන සමාජයක ඒ අවස්ථාව ඇත්තේ තමන් සතු ලිංගික අවයවයට නොවන බව දත් සාරා අවයවයෙන් නොමිදී පිටතට පිරිමිකම පෙන්වන රූපමය වෙනසක් ඇති කර ගත්තාය.ඒ පාපන්දු ක්‍රීඩා පිටියට ඇතුල් වෙන්නටය.තමන් කැමති ක්‍රීඩා සමාජයේ නිල වර්ණයෙන්ම පිරිමි වෙස් ගත් සාරා ක්‍රීඩා පිටියට ඇතුල් වෙන්නට ගිය මොහොතේදී කාන්තාවක ලෙස හඳුනා ගත්තාය.

ඇයට ඉරාන නීතියෙන් දඬුවම් විඳින්නට සිදු විය.පළමුව නඩු පැවරීමට පෙර ඇය දින තුනක් ඉරාන ඉස්ලාම් නිතිය විසින් ඇයව සිර කර තැබුවාය.අධිකරණයකට වඩා දැඩි මතධාරි ඉස්ලාම් පල්ලියක් බඳූ පූජක විනිසුරුවන් ඉදිරියට පැමිණ වූ ඇයට සය මසක සිර දඬුවමක් නියම කළ බව කිව ද,ඒ සම්බන්ධයෙන් තවමත් නිල පිළිගැනීමක් නැත.කෙසේ හෝ ඇය ඒ පීඩාවේ බරපතල තත්ත්වය හමුවේ තීරණයක් ගත්තාය.ඒ අධිකරණ භූමියෙන් පිටතට විත් සිය සිරුරට ගිණි තබා ගැනීමෙන්ය.2019 සැප්තැම්බර් 09 ඇය ජීවිතයෙන් නික්ම යද්දී ලෝකයම සාරා හරහා ඉරාන කාන්තාවගේ නිදහසේ ඛේදවාචකය දැන උන්නාය.

සාරා කොදයාරි පිළිස්සුම් තුවාල සහිතව සහ තරගය නැරඹීමට පැමිණි අවස්ථාව

මෙහිදී ජගත් පාපන්දු පරිපාලනය (FIFA) ඉරානයට ජගත් පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග පවත්වන ස්ථානයකට අවස්ථාව ලබා දෙන්නේ තවත් සාරා ලා ඉරානයෙන් නොදකින්නට වැඩ පිළිවෙලක්ද ඉරානයට යෝජනා කරමින්ය.ඉරානයට තමන්ගේ ආගමික උමතුව පසෙක තබා ලෝකයේ දේශපාලනයේ සහ ආර්ථිකයේ සැබෑ හැසිරීම සම්බන්ධයෙන් වන යථාර්තයට සහ මානව අයිතියේ එකඟතාවලට අවනත වෙන්න සිඳු වන්නේය.ලෝකයෙන් ඉරානය හුදෙකලා කර දමන තත්ත්වයකට සාරාව දැවූ ගිණි දලු පත් කර ගන්න ඉරානය කැමතිවන්නේ නැත.අන්තවාදයෙන් මෙපිටට විත් FIFA තීරණයට අනුව ඉරානයට පාපන්දු තරග නැරඹිමට කාන්තාවන්ට අවසර දෙන්නට සිදු වූවාය.

ඒ අනුව 1981 න් පසුව පළමුවරට ඉරාන කාන්තාවන් 2000 ක් පමණ 2022 ජනවාරි 28 වැනිදා ඉරාකයට එරෙහිව ඉරානය තරග වැදි සුදුසුකම් ලැබීමේ තරගයට පිවිසුණේ, සාරාට ඛේදණිය ඉරණම අත් කළ ටෙහෙරානයේ අසාඩ් ක්‍රීඩාංගණයටම වීම ද දෛවෝපගතය.ඉරානය හයවන වරටත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබමින් මේ තරගය 1-0 ක් ලෙස ජයග්‍රහණය කළ ආකාරයෙන්ම මේ තරගයේ දී වසර හතළිහකට පසුව පාපන්දු ක්‍රීඩාංගණ දොරටු විවර කර ගත් ඉරාන කාන්තාවෝ ද විශාල ජයක් ලැබූහ.එහිදි වෙන වෙනම පිරිමි සහ කාන්තා ලෙස ප්‍රවේශ පහසුකම් සකසා තිබීම සම්බන්ධයෙන් ද ඉරාන කාන්තාවන්ට යම් යම් මැසිවිලි තිබිණ.ඒ තමන්ගේ සැමියා සමඟ,සහෝදරයා සමඟ හෝ දරුවා සමඟ ජයග්‍රහණයේ ආස්වාදය විඳින්නට බෙදා ගන්නට නොහැකි ලෙස වෙන් කර තැබීම ගැනය.සාරාගේ මඟ යමින් ඉරාන කාන්තාව හෙට තව දුරටත් ස්විය පාපන්දු අයිතිය වෙනුවෙන් මැදිහත් වුවහොත් ලෝකය ඉරානයේ අන්තවාදයේ වැස්ම තව දුරටත් ඉවත් කරන්නට බල කරනු ඇත.
අන්තවාදී ඉස්ලාම් පූජකයන්ට පමණක් නොව ඕනෑම රටක කුමනාකාරයේ පූජකයන්ගේ වුව අන්තවාදයකට හෝ ගෝත්‍රික ජාතිවාදි උවමනාවන්වලට යා හැකි දුරෙහි ඇත්තේ, ලෝකය ප්‍රතික්ෂේප කරන විනාශකාරී අමානුෂික සිදුවිම්වල සටහන් පමණක් යන්න ඉරානය පමණක් නොව ඕනෑම රටක් මතක තබා ගැනීම වටින්නේය.
දැවි ගිය සාරාගේ සිරුර අද වඩාත් අලෝක ගැන් වි ඇත.සිය දිවි නසා ගැනීම යනු අනුමත කළ නොහැකි දෙයක් වුව ඇය ගිනි තබාගත්තේ තම සිරුරට පමණක් නොව ඉරානයේ අන්තවාදි ආගමික මිත්‍යාවන්ට ය.ඒ නිසා ඇය සාධාරණය යුක්තිය සැපයීම පිණිස ජීවිතය දන් දුන් කාන්තාවක් ලෙස ඉරානයේ පමණක් නොව ලෝකයේ ද නිරන්තර ගෞරවයට පත් වන්නේය.

රණසිංහ මුදියන්සේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan