අගමැතිගේ මුදල් සොරකමක් වෙලා නෑ මයි. වෙබ්සයිට් වලට උත්තර දෙන්න ගියොත් කෙළවරක් නෑ – නාමල් (VIDEO)

0
540

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිදු මුදලක් සොරකමට ලක්ව නොමැති බව ඒ මහතාගේ වැඩිමල් පුත්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නැවතත් අවධාරණය කරයි.

ප්‍රශ්නය – අගමැතිතුමාගේ මුදල් සොරාගැනීම පිළිබඳව වෙබ්සයිට් තවමත් වාර්තා කරනවා. මොකක්ද මේ ගැන අලුත්ම තත්වය ?

“අලුත්ම තත්වයක් කියන්නෙ, පරණ තත්වයක් තිබ්බෙ නැති හින්දා ඒ තත්වයම තමයි තවමත් තියෙන්නෙ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ වෙනසක් වෙලා නෑ ?

“වෙනසක් වෙලා නෑ. වෙබ්සයිට් ඒ විදියටම යනවා, ඉතින් අපිත් බලන් ඉන්නවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මුදල් සොරකමක් වෙලා තියෙනවාද ?

“නෑ. මුදල් සොරකම් කිරීමක් වෙලා තියෙනවාද නැද්ද කියන කාරණය අදාළ නෑ. මොකද, එහෙම දෙයක් වෙලා නෑ. එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා කියන්නෙත් වෙබ්සයිට්. ඉතින් වෙබ්සයිට් සඳහන් කරන ඒවාට අපට උත්තර දෙන්න ගියොත් මං අර එදා කිව්වා වගේ, නිරන්තරයෙන්ම අපට හැමදාම ඒවාට උත්තර දිදී ඉන්න වෙනවා”

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here