අක්‍රිය වූ ස්වර්ණමහල් මූල්‍ය සමාගම SMB ලීසිං සමඟ ඒකාබද්ධ වෙයි!

Date:

අක්‍රිය වූ ස්වර්ණමහල් මූල්‍ය සමාගම (Swarnamahal Financial Services PLC) යළි පණගැන්වීම අරමුණුකොට ගෙන එම සමාගම හා ඒකාබද්ධ වීම සඳහා SMB ලීසිං සමාගම (SMB Leasing PLC) වෙත මූල්‍ය බලපත්‍රයක් නිකුක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන තිබේ.

එමඟින්, තැන්පත්කරුවන්ගේ බැරකම් පියවීමට සහ අක්‍රිය වූ ස්වර්ණමහල් මූල්‍ය සමාගම සතු රුපියල් මිලියන 425.32 ක වත්කම් මිලදී ගැනීමට SMB ලීසිං සමාගම කටයුතු කර තිබේ.

මේ පිළිබඳව ඊයේ (28) දින කොළඹ කොටස් වෙළඳපොළ (CSE) ට නිවේදනයක් නිකුත් කරමින් SMB ලීසිං සමාගම ප්‍රකාශ කර සිටියේ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම යටතේ ඉහත පියවර ගත් බවයි.

අක්‍රිය වූ මූල්‍ය සමාගම් පුනර්ජීවනය කිරීම හා බැංකු නොවන මූල්‍ය සමාගම් (NBFI) අංශය ඒකාබද්ධ කිරීම සඳහා මහ බැංකුව විසින් දියත් කර ඇති අඛණ්ඩ වැඩපිළිවෙලට අනුව ස්වර්ණමහල් මූල්‍ය සමාගම හා SMB ලීසිං සමාගම ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය සිදුව ඇත.

ඒ අනුව, අක්‍රිය වූ ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ රුපියල් මිලියන 425 ක වත්කම් මිලදී ගැනීමට SMB ලීසිං සමාගම කටයුතු කර තිබේ. එමඟින් හිඟ තැන්පතු පියවීමට අදාළ සමාගමට හැකිවනු ඇත.

මෙහිදී අරමුදල් මාරුකිරීම වෙනුවට, දේපල තුනක වගකීම් රහිත අයිතිය SMB ලීසිං සමාගම වෙත පැවරීමට ස්වර්ණමහල් මූල්‍ය සමාගමට සිදුවන අතර, ඉන් අනතුරුව මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා එම සමාගම සතු බලපත්‍රය අවලංගු වනු ඇත.

ඒ අනුව, ස්වර්ණමහල් මූල්‍ය සතු මහනුවර, අඟුණවල, ගංගාතැන්නවත්තේ පර්චස් 195.86 ක ඉඩමේ, අංක 10, ද අල්විස් මාවත, ගල්කිස්ස යන ලිපිනය අයත් ස්ථානයේ පිහිටි පර්චස් 46 ක ඉඩම සහ ගොඩනැඟිල්ලේ හා ජා ඇල රියැලිටි ප්ලාසා හි වෙළඳසැල් තුනක හිමිකාරීත්වය SMB ලීසිං සමාගම වෙත පැවරීමට නියමිතය.

මහජන තැන්පතු ගෙවීම සම්පූර්ණ කිරීම හා එක්තරා මූල්‍ය සමාගමක් සතු රුපියල් මිලියන 425 ක පමණ වත්කම් මිලදී ගැනීම සඳහා තම සමාගමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මූල්‍ය බලපත්‍රයක් නිකුත් කරන බවට SMB ලීසිං සමාගම පළමු වරට නිවේදනය කර තිබුණේ ඉකුත් දෙසැම්බර් මස මැදභාගයේදීය. එහෙත් මෙම මූල්‍ය සමාගම කුමක් ද යන්න එවකට හෙළිකර තිබුණේ නැත.

SMB ලීසිං පීඑල්සී යනු 1992 වසරේදී පිහිටුවන ලද මූල්‍ය සමාගමක් වන අතර, මෑතකාලීනව අයිතිය පිළිබඳව මතුවූ ගැටළුවකින් අනතුරුව, රවී විජේරත්න එහි ප්‍රධාන කොටස් හිමියා බවට පත්විය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...