අඛණ්ඩව ඉන්ධන ගෙන්වීමට ඩොලර් සැපයීමේ වගකීම කබ්රාල් භාරගනී. විදුලි කප්පාදුව නැවතුණේ එයින්

0
306

රටේ පවතින විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ වුවත් රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගෙන්වීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය සැපයීමේ වගකීම ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් භාරගෙන තිබේ.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවකදී මහබැංකු අධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

එසේම ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය පිළිබඳව වේලාසනින් දැනුවත් කරන ලෙස ද ඒ මහතා එහිදී ඉල්ලීමක් කර තිබේ.

ඉන්ධන හිඟය හේතුවෙන් දිනපතා විදුලි කප්පාදුවකට සැලසුම් සකස් කර තිබුණ ද එය නතර වී ඇත්තේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ මෙම මැදිහත් වීමෙන් පසුව ය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here