මැඩගස්කරයේ චෙනෙසෝ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු මරුට; 37,000කට වැඩි පිරිසක් අවතැන්

Date:

පසුගිය සතියේ මැඩගස්කරට පබලපෑ පැයට කිලෝමීටර් 118-166ක වේගයෙන් හමා ගිය චෙනෙසෝ දරුණු නිවර්තන සුළි කුණාටුව හේතුවෙන්, පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස්, 21 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 37,000කට අධික පිරිසක් අවතැන්ව අති බව මැඩගස්කරයේ අවදානම් සහ ආපදා කළමනාකරණය පිළිබඳ කාර්යාලයේ නිල වාර්තා නිවේදනය කර තිබේ.

චෙනෙසෝ සුළි කුණාටුව දින 10 කට පෙර ඊසානදිග මැඩගස්කරයට කඩා වැදී, තද සුළං, අඛණ්ඩ වර්ෂාවක් හා ගංවතුර තත්වයක් ඇති කිරීමට සමත් විය.

මෙම වසර තුළ දකුණු අප්‍රිකාවට බලපෑ ප්‍රථම නිවර්ථන සුළි කුණාටුව මෙය වන අතර, මේ හේතුවෙන් නිවාස 23,600 කට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති අතර, අවම වශයෙන් තවත් 500 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ කාර්යාලය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ද, ප්‍රධාන කුණාටු හතරක් මැඩගස්කරයට පහර දුන් අතර එමඟින්, අවම වශයෙන් පුද්ගලයින් 138 දෙනෙකු මිය ගොස් නිවාස 124,000ක් විනාශ කර 130,000ක් පමණ ජනතාව අවතැන් කරනු ලැබීය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...

සම්පත් මනම්පේරීට අධිකරණයෙන් ලැබුණ නියෝගය!

කොළඹ LNW: අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි දින හතක...

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...