*
Friday, April 19, 2024
spot_img

Latest Posts

වික්‍රමසිංහ ජනාධිපති සැරසෙන්නේ රට දෙකඩ කරන්න – ජානිපෙ (VIDEO)

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සැරසෙන්නේ රට දෙකඩ කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අවධාරණය කළේය.

ඒ, අද (30) ජාතික නිදහස් පෙරමුණ විසින් කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය.

එදා 13 ට එරෙහිව පාරට බැහැපු හිරගෙවල් දෙතිස් වදබන්ධනයට ලක්වූ,ජනතා විමුක්ති පෙරමුණේ හෘද සාක්ෂිය ඊට එකඟදැයි යන්න මේ අවස්ථාවේ විමසා සිටින බවද සමරවීර මහතා විමසා සිටියේය.

”ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයට අපි කියනවා ඔබතුමා කොටි ත්‍රස්තවාදය කම්මුතු කරලා රැකපු රට වික්‍රමසිංහට බෙදලා දෙන්න ඉඩ දෙන්න එපා. ඔබතුම වහාම ඊට විරුද්ධව සටනට අවතීර්ණ වෙන්න. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට අපි කියනවා 1988 ජූලි මාසේ 29 වැනිදා මාදුළුවාවේ සෝභිත හිමියොත් සමඟ පිටකොටුව බෝධිය ළඟට සම්බන්ධ වෙලා රට දෙකඩ කරනවට එරෙහිව නැගී සිටි දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙන් අපි අහනවා 13 බලාත්මක කරනවට එකඟද?”

මේ වන විට රට තුළ මතුව තිබෙන ආපදාව භාවිතා කර රට දෙකඩ කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සහ කරන අතර ඊට එරෙහි විය යුතු බවයි සමරවීර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan