Thursday, March 30, 2023
spot_img

Latest Posts

තායිවානය සම්බන්යෙන් එක්සත් ජනපදය හා චීනය අතර ගැටුම් – විදේශ කටයුතු කමිටුවේ නව සභාපති මයිකල් මැකෝල්

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ නව සභාපති මයිකල් මැකෝල් ඉරිදා ෆොක්ස් නිවුස් වෙත ප්‍රකාශ කර තිබුණේ, තායිවානය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා චීනය අතර ආතතීන් 2025 පමණ වන විට උත්සන්න විය හැකි බවයි.

මැකෝල් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, චීනය විසින් තායිවානයේ ලේ වැගිරීමකින් තොරව සිය පාලනය යටතට ගැනීමට නොහැකි වුවහොත්, චීනය හමුදා ආක්‍රමණයකට යනු ඇති බවත්, එවැනි තත්වයක් ඇති වුවහොත් එක්සත් ජනපදය ඊට සූදානම් විය යුතු බවත්ය.

මැකෝල්ගේ ප්‍රකාශයන් පිළිබඳව අදහස් දැක්වීම ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, තායිවාන් සමුද්‍ර සන්ධිය අසල චීන ක්‍රියාකාරකම් උත්සන්න වීම පිළිබඳ පසුගියදා අදහස් දක්වන ලද එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කර තිබුණේ, චීනය විසින් මේ වන විට තායිවානය ආක්‍රමණයට පෙර හුරුකම් පවත්වන බවයි.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.