මාධ්‍ය මර්දනයට එරෙහිව “අමතක නොකරමු” 31 සවස විහාර මහාදේවී උද්‍යානය අබියසදී

පසුගිය දශක කිහිපය තුළ ඝාතනයට, අතුරුදන් කරවීමට, පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් සිහිකරමින් සහ ඔවුන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් “අමතක නොකරමු” මැයෙන් වැඩසටහනක් ජනවාරි 31 වනදා සවස 04.30 ට කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ බුදුරුව අබියසදී පැවැත්වේ.

අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කෙරේ.

ඉටිපහනක් ද රැගෙන එදින එම අවස්ථාවට සහභාගී වන මෙන් අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ට ආරාධනා කරයි.

RN