ඔය ගොවියොයි, මහාචාර්යවරුයි කිව්වාට රටේ ආහාර හිඟයක් ඇතිවෙන්නෙ නෑ – මහින්දානන්ද

රටේ ආහාර හිඟයක් ඇතිවෙනු ඇති බවට පසුගිය කාලයේදී ගොවීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අනතුරු හඟවා සිටියත් කිසිදු ආහාර හිඟයක් රට තුළ ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“දැන් කිව්වානෙ රටේ ආහාර හිඟයක් එනවා කියලා… ඔබතුමන්ලා දැක්කා පහුගිය කාලෙ මේ රටේ ගොවියො ඇවිල්ලා කිව්වා ආහාර හිඟයක් එනවා කියලා, මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇවිල්ලා කිව්වා රටේ ආහාර හිඟයක් ඇතිවෙනවා කියලා. කිසි ආහාර හිඟයක් මේ රටේ ඇතිවෙන්නෙ නෑ. තාම මේ රටේ මිනිස්සු කන්නෙ ගිය කන්නයේ කපපු වී ටික. සියලු ආහාර ද්‍රව්‍ය අපේ රටේ නිෂ්පාදනය කරන ගමන් බැරි ටික අපි ආනයනය කරනවා”

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...