*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

රජයේ වැරදි වියත්මගට බාරගන්න බෑ. අපට කැබිනට් ඇමතිකම් දුන්නෙ නෑනෙ – ගොඩහේවා

කැබිනට් මණ්ඩලයේ හා රාජ්‍ය පරිපාලනයේ තනතුරු තම සංවිධානයට ලබාදී නොමැති හෙයින් රජය කටයුතු කරන ආකාරයේ ගෞරවය හෝ එහි වැරදි භාරගැනීමට වියත්මග සංවිධානයට නොහැකි බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – කොහොමද වියත්මගේ දායකත්වය, වියත්මග නිහඬයිද? කි‍්‍රයාකාරී නැති හැඩක් පේනවා ඇත්තටම කොහොමද වියත්මගේ දායකත්වය මේ වැඩපිළිවෙලවල්වලට?

“වියත්මග කියලා කියන කාරණය හුඟක් වෙලාවට දැන් සාකච්ඡාවට භාජනය වෙන දෙයක්නෙ. ඔය ප‍්‍රශ්නය අහපු එකත් හොඳයි. වියත්මග කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වශයෙන් පත්වන්නට පෙර ඔහු වටා ගොඩනැගුණු බුද්ධි මණ්ඩලයක්. ඒක දේශපාලන සංවිධානයක් නෙමෙයි. දේශපාලන පක්ෂයකුත් නෙමෙයි. එතන තිබුණේ බුද්ධි මණ්ඩලයක්. 2016 – 2019 දක්වා අවුරුදු 4 ක පමණ කාලයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයත් සමග එකතු වෙලා මේ රටේ බොහෝ විද්වතුන්, ජනතාව එකතු කරගෙන සාකච්ඡා කරලා සෞභාග්‍යයේ දැක්ම කියන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කරන්නට විශාල දායකත්වයක් දුන්නා වියත්මග කියන කණ්ඩායම. ඒක 100% ක් අපි කළා කියලා අපි කියන්නේ නැහැ. නමුත් වියත් මගෙන් තමයි ප‍්‍රධාන දායකත්වය දුන්නේ.

ඊට පස්සේ රජය පත්වුණාට පස්සේ සෞභාග්‍යයේ දැක්ම කියන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අරගෙන ඒක ක්‍රියාත්මක කරන්නට ඕනේ රජය. දැන් මෙතනදි හුඟක් අය පටලා ගන්නවා වියත්මග කියන්නේ රජය කියලා. මම පැහැදිලිවම කියනවා ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමක්. රජය කියලා කියන්නේ වියත්මග නෙමෙයි. රජය කියලා කියන්නේ ජනාධිපතිතුමා, කැබිනට් මණ්ඩලය, රාජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය පරිපාලනය. කැබිනට් මණ්ඩලය ගත්තොත් වියත්මගේ කවුරුත් එතන නැහැනේ. රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පමණ ඉන්නවා එතන ඉන්නේ වියත්මගේ තුන්දෙනයි. එතකොට මේ රට දුවන්නේ වියත්මගෙන් නෙමෙයි. අමාත්‍යාංශ ලේකම්වරු ගත්තහම අමාත්‍යාංශ 70 ක් තියෙනවා, මා දන්නා තරමට වියත්මගෙන් ඉන්නේ 4 දෙනයි.

ඒ නිසා සමහර අය ජනාධිපතිතුමාට අපහාස කරන්නට, මඩ ගහන්නට, කෝ වියත්මග, වියත්මග මොකද්ද කරන්නේ කියලා අහනවා. වියත්මග මේ රට පාලනය කරන්නේ නැහැ. වියත්මග තමයි මේකට සැලැස්ම හදලා දුන්නේ. දැන් ඒ සැලැස්ම අනුව පාලනය කරන එක රජයට අයිති කාරණයක්. රජය කියලා කියන්නේ වියත්මග නෙමෙයි”

ප්‍රශ්නය – එතකොට වියත්මගේ භූමිකාව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඉවර වෙනවා?.

“වියත්මගේ භූමිකාව එතනින් එහාට යන්නට තිබුණා අර කියපු කැබිනට් මණ්ඩලයේ අනෙක් තැන්වල හිටිය නම්. එහෙම කරලා නැහැ. එහෙම වෙලත් නැහැනේ. එතකොට රජය කරන කටයුතුවල ගෞරවය ගැනීම හෝ ඒකේ වරද ගැනීම වියත්මගට කරන්නට බැහැ. මොකද වියත්මගේ කිහිප දෙනෙක් ඉන්නවා. උදාහරණයක් වශයෙන් මම වියත්මගේ සාමාජිකයෙක් මට රාජ්‍ය අමාත්‍යංශයක් භාර දීලා තිබෙනවා. මගේ රාජ්‍ය අමාත්‍යාංශයෙන් කරන වැඩකටයුතු ගැන මම ඕනේ කෙනෙක්ගේ අභියෝගයකට මුහුණ දෙන්න කැමතියි. අපි 100% ක්ම අපේ වගකීම ඉටු කරලා තිබෙනවා. පහුගිය අවුරුදු දෙකේ දවස් හතම අපි වැඩකරලා තිබෙනවා. අපේ අරමුණට අපි යනවා. එහෙම කියලා මේක රජය නෙමෙයිනේ. මේක එක අමාත්‍යාංශයක් පමණයි”

නාලක ගොඩහේවා මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan