Saturday, June 3, 2023
spot_img

Latest Posts

හෙට සිට යුද හමුදාවට තවත් රාජකාරියක්(VIDEO)

හෙට දිනෙන් ඇරඹෙන සතිය තුළ කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද (30) පනාගොඩ යුදහමුදා කඳවුරේ පැවති ලෙබනනයේ සාම සාධක රාජකාරී සඳහා යාමට නියමිත යුද හමුදාවේ 13 වන කණ්ඩායම වෙනුවෙන් පැවති උත්සවයේදීය.

රාජ්‍ය ආයතන මෙන්ම මහජනතාව ඒකරාශී වන ස්ථානවලට ගොස් ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන තුළ එම එන්නත්කරණය සිදුකරන බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

පසුගිය දිනවල කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම වැඩිවීම නිසයි මෙවැනි තීරණයකට රජය එළඹ ඇත්තේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.