ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 58 වැනි උපන්දිනය අදට (24) යෙදී තිබේ.
ඒ මහතා උපත ලැබුවේ 1968 නොවැම්බර් 24 වන දින මාතලේ දේවහූව ග්‍රාමයේදී ය.
තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සහ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඒ මහතා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සහ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.
උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පසුව කැලණිය විශ්වවිද්‍යාලයට මාරුවුණු ඒ මහතා 1995 වසරේදී විද්‍යාවේදී (BSc) උපාධිය ලබා ගත්තේය.
ශිෂ්‍ය අවධියේ පටන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ වූ අනුර කුමාර දිසානායක මහතා 2000 වසරේදී මුල්වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්ව අඛණ්ඩව වසර 24ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර 2024 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරය වශයෙන් පත්වූයේය.


