ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කැළණි සරසවි සිසුන් විරෝධතාවක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350කට වැඩි පිරිසක් මේ වන විට විශ්වවිද්‍යාල පරිපාල ගොඩනැගිල්ල වටකරමින් විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වේ.

කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ රාත්‍රියේත් උද්ඝෝෂණයක් සිදුකළ අතර, ඒ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ලවූ බව සඳහන් වේ.

උද්ඝෝෂණය විසුරුවා හැරීම සදහා පොලිසිය ජල ප්‍රහාර සහ කදුලු ගෑස් එල්ල කළ අතර, ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඊයේ රාත්‍රියේ විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධතාව අඛණ්ඩව සිදුකළ අතර මේ වන විටත් සිසුන් 350කට වැඩි පිරිසක් විරෝධතාවට එක්ව සිටින බව වාර්තා වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...