එල් – නිනෝ තත්ත්වයේ ප්‍රබල වර්ධනයක් සමඟ මෙම මාසය අවසන් වන විට දිවයින පුරා කාලගුණයේ වෙනසක් – කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:එල් – නිනෝ තත්වය ප්‍රබල මට්ටමට වර්ධනය වන බවත් ඉදිරි මාස තුන තුළ මෙම තත්වය උපරිම තත්වයට පත්වන බවට ජාත්‍යන්තර පූරෝකතන නිකුත් කර ඇති අතර ඉන් අනතුරුව දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් .එල්.කේ.විජේමාන්නගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභෘගී වෙමිනි.

පසුගිය දෙදින බෙංගාල බෝක්ක ආශ්‍රිතව හටගත් කැළඹිළි ස්වභාවය හේතුවෙන් ඒල්- නිනෝ තත්ත්වය හේතුවෙන් නියඟ තත්වයන්ට මුහුණ දුන් ප්‍රදේශවලට තාවකාලිකව වැසි ඇති වු බවත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට සවස් කාලය තුළ වැසි ඇති විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

තවද මේ වන විට සමකය ආසන්න පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම ශ්‍රී ලංකාවට බලපෑම් ඇති කරන බව පැවැසූ විජේමාන්න මහතා තවදුරටත් කියාසිටියේ අප්‍රේල් මාසය වන විට උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යා හැති බවයි. එම මාසයෙන් පසුව නැවත උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු විය හැති බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව එම කාලසීමාවේදී උතුරු , උතුරු මැද , නැගෙනහිර පළාත්වලට දැඩි නියඟ තත්වයක් ඇති විය හැකියි.

මේ අතර තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බවද ඔහු සඳහන් කරන ලදී.

මේ වනවිට එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට සියල්ල සුදානම් කර පැවතියද ඉදිරියේ දී තද වැසි, නායයෑම් සහ ගංවතුර ඇති වෙනු ඇතැයි යන පුරෝකථනයට අනුව කටයුතු සුදානම් කිරීමද අවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...