ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට සැප්තැම්බර් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී තිබේ.

ඇය අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටවගොස් ඇති අතර ඇයට ගුවන්තොටුපොළේදීද අදාළ දැනුම්දී සිදුකර ඇත.

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවත විමර්ශන ආරම්භ කර තිබෙන අතර ඊට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඇයව සැප්තැම්බර් 24 දින පැමිණෙන්නැයි තංගල්ල කාල්ටන් නිවසට දැනුම්දීමක් සිදුකළ බව පොලීසිය පවසයි.

කෙසේවෙතත් ඇය ඒ වන විට රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක වන අතර එම ප්‍රතිකාර ඊයේ දිනයේ අවසන් වූ පසු ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුව බලා පිටව යාම සඳහා රෝහලේ සිට කෙලින්ම ගොස් ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙතයි.

ඒ අනුව සැප්තැම්බර් 24 දින පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට වන දැනුම්දීම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් එහිදී සිදුකර තිබේ.

එම දැනුම්දීම රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වන ඈන් ලිවේරා මහත්මිය භාරගෙන ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.

අනතුරුව සාමන්‍ය ගුවන් මගියෙකු ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...

අනුරාධපුරයේදී අර්චුනා කළ ප්‍රකාශ පිළිබඳව CTID විමර්ශනයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : අනුරාධපුරයේ පැවති ශ්‍රී...