භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ කළුගල් තොග අපනයනයට කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): රට තුළ මේ වනවිට ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් අවශ්‍යතාව සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම්කරුවන් හා ඒ හා සම්බන්ධිත ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑමක් ඇති වී තිබෙන බැවින් , එම තත්වය සැළකිල්ලට ගනිමින් සීමාකාරී තත්වයන්ට යටත්ව කළුගල් අපනයනය තුළින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙලක් කෙටිකාලීනව ක්‍රියාත්මකත කිරීමේ යෝග්‍යතාව හඳුනා ගෙන ඇත.

හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීමේදී ඉවත් කරන ලද කළුගල් තොගයක් දැනට එම වරාය භූමියේ පරිපාලන ගොඩනැගිල්ල අසල සහ හම්බන්තොට නව රෝහල් පරිශ්‍රයේ ගොඩගසා ඇති අතර එම කළුගල් තොග කඩිනමින් ඉවත් කළ යුතුව පවතී.‍

පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැළකිල්ලට ගනිමින් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ එම කළුගල් තොග කඩිනමින් අපනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අනුමැතිය ලබා දීමටත් කළුගල් මෙට්‍රික්ටොන් මීලියනයක් දක්වා අපනයනය කිරීමේ හැකියාව සහ යෝග්‍යතාව පිළිබඳ කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...