ඉම්රාන් ඛාන්ට දස වසරක සිර දඩුවම්

Date:

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ සමීපතමයෙකු වන හිටපු විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂිට රාජ්‍ය රහස් හෙළි කිරීම හේතුවෙන් දස වසරක සිර දඩුවම් නියම කර ඇති බව වාර්තා වේ.

ඛාන් මෙම චොදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තමා අගමැති ධුරයෙන් ඉවත් කිරීම එක්සත් ජනපද පරිපාලනයේ සහාය ඇතිව ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් සහ බලවත් හමුදාව විසින් සකස් කරන ලද කුමන්ත්‍රණයක් බවට දිගින් දිගටම චොදනා කරයි.

ඛාන් 2018 අගෝස්තුවේ සිට 2022 අප්‍රේල් දක්වා පාකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා වූ අතර ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් පරාජයට පත් විය. ඔහු පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට විවිධ නඩු විභාගවලට මුහුණ දෙමින් සිරගතව සිටියි.

පෙබරවාරි 8 වැනිදා පකිස්තානයේ මහ මැතිවරණයට පැවැත්වීමට සූදානම් වන අතර මෙම අධිකරණ තීරණයත් සමග ඛාන්ට මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් වීමට නොහැකි වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...