*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

සැළකිල්ලේ තරමට ප්‍රතිපලය – පළමු ලෝක කුසලානය ඉන්දියාවට

පළමු අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලානය ඉන්දියාව දිනා ගත්තා.ඒ අවසාන තරගයක තිබිය යුතු තරගකාරීත්වයෙන් තොරව ඉතා පහසුවෙන් ජය ලබා ගැනීමක්.කාසියේ වාසියේ උපරිම පල නෙලාගත් නායිකා ෂෆාලි වර්මා එංගලන්තයට පන්දුව පහර දීමට ආරාධනා කරමින් එංගලන්ත කණ්ඩායම ලකුණු 68 ට සීමා කරන්නට සමත් වුණා.ඇයගේ උපන් දිනය දවසේ ඓතිහාසික කුසලානයක් ඉන්දියාවට දිනා දෙන්න නායකත්වය දෙමින් කඩුලු තුනක් පමණක් දැවි ලකුණු 69 ක් ලබා කඩුලු හතක ජයක් ලබා ගන්නට ඉන්දියාවට හැකි වුණා.
ඉන්දියාව මේ කුසලානයට ක්‍රීඩිකාවො දියුණු කරේ ශාරිරිකව විතරද කියන එකයි හිතන්න අවශ්‍යය වැදගත් දේ.කාන්තාවට විවිධ ඉහළ තනතුරු පිරිනැමුණට ඉන්දීය කාන්තාවත්,ලේකයේ පළමු අගමැතිවරිය හදපු රටේ වගෙම තමයි.කාන්තාව දෙවන ගනයේ පුරවැසියො හැටියට සළකන්නෙ.මේ තත්ත්වය ක්‍රිකට්වලත් තිබුණා.ක්‍රිකට් ගහන්න එන ක්‍රීඩිකාවන්ගේ ඔළු ගෙඩි සාම්ප්‍රදායික විදිහට මෙහෙයවලා,පිරිමි කරන ක්‍රීඩාවක් කිරිමේ භාග්‍යය ගැන හැඟීමක් තියලා ක්‍රීඩිකාවො සතුටු කරලා තිබුණා.

හැබැයි එහෙම දුන්න සතුටට සීමා වුණ ඉන්දීය කාන්තා ක්‍රිකට්වලින් ජයග්‍රහණ ආවෙ නැහැ.අන්න ඒ ජයග්‍රහණ එන්න පහසුකම් අවශ්‍යය බව ඉන්දිය ක්‍රිකට් බලධාරීන්ට කියා දුන්නෙ මිතලි රාජ්.ඇය නායකත්වයට ආවට පස්සෙ ඒ අවශ්‍යයතා මිහිරි විදිහටත්,මුදු විදිහටත් වගෙම රළු වචනවලින් ක්‍රියාමාර්ග වලින් දනවන්නත් මිතලි පසුබට වුණේ නැහැ.අදටත් ඉන්දියාව නිර්මාණය කළ හොඳම නායිකාව මෙන්ම ක්‍රීඩිකාව කියන්නට බොහෝ සාධක ඉතුරු කරපු මිතලි,සමුගන්න විට ලෝකයම ගරු කරන ක්‍රීඩා පෞරුෂයකට අවශ්‍යය සියල්ල එකතු කරගෙන තිබුණා.

ඒ පෞරුෂය ක්‍රිඩා කිරිම නැවත්තුවට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරගෙන ගිය පෙනී හිටීම අඛණ්ඩව ඉදිරියට ගෙන ගියා.එහි පලයක් ලෙස 2022 වසරෙදි කාන්තා හා පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයින් සම වැටුප් තලයකට ඔසවා තබනවා.ඒ හරහා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට පහසුකම් සැපයීම පුළුල් කිරීමෙන් පසු,ලෝකයක් ජයගන්න තරගාවලියකට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ආවේ ලෝක අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කුසලානයට.රටක ජාතික පිරිමි කණ්ඩායමකට සමාන සේ සැළකුම් ලබන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සේ ඒ සැළකිලිවලට නිසි අගයක් දෙන්නට ඉන්දීය ක්‍රීඩිකාවන් මේ වන විට සමත් වෙලා.මේ වපුරපු දේ නෙලා ගැනීමක්.
ඒ වගෙම පසුවට අවසාන තරගයේ ලකුණු සටහනට සම්බන්ධයක් මේ සටහනට එකතු කරන අතරේ කිව යුතුම දේ මේ අවසාන තරගයේ ලංකාවටත් අපූරු ක්‍රිකට් මතක සටහන් දෙකක් එකතු වුණා.ඒ ශ්‍රී ලංකාවේ කාන්තාව ගැන හිතන විදිහටම කාන්තා ක්‍රිකට් ගැන ඇති නිදහසේ රාමුව හැකිලීම නිසා ක්‍රිකට්වලට ඉක්මණින් සමුදුන් අත්දක්ෂ පිතිකාරිණියන් දෙදෙනෙක් ගැනයි.ඒ වැනීසා ද සිල්වා සහ දේදුණු සිල්වා යි.වැනීෂා සිල්වා අද හැඳින්වෙන්නේ වැනීෂා බෝවන් හැටියටයි.ඇය රන්ජන් මඩුගල්ලට සමාන වගකීමක් දරමින් අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන පළමු තරගාවලියේ දී,අනාගතයේ කිසි දිනක බිඳිය නොහැකි වාර්තාවක් තැබුවා.මේ ඓතිහාසික අවස්ථාව අනුව ඇය එම තරගයේ තීරකවරිය වුණා.

එසේම වැනීෂා තරමටම ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ පිතිකාරිණියක් වන දේදුණු අවසාන තරගයේ රූපවාහිනි විනිසුරු හැටියට කටයුතු කළා.එයත් කිසි දිනක බිඳිය නොහැකි ඓතිහාසික අවස්ථාවක්.නමුත් වැඩි එළියක් වැනීෂා සහ දේදුණු වෙනුවෙන් වැය නොකරන්න බොහෝ දෙනෙක්ට බලපාන්නේ ඔළුවෙ හැඩෙයි.ඒක හැඩ ගැහිලා තියෙන්නෙ කන්තාවන්ව පොඩ්ඩක් පල්ලෙන් තබන ලෙසයි.එවැනි සම්ප්‍රදායන්ට අභියෝග කරන්න වැනීෂා සහ දේදුණු සතු හැකියාව කතා නොකර බැරි තැනකට වටිනාකමින් මෙන්ම වගකීමෙන්ද පත් වේවා යැවි ඉන්දියාවේ ඓතිහාසික ජයග්‍රහණයට සුබ පතනවාටත් වඩා ඉහළින් අපි සුබ පතන්නෙමු!ආශිර්වාද කරන්නෙමු!.


ඉන්දියානු කණ්ඩායම දිනා දුන් ජය තරමටම තරග තීරකවරියක් විනිසුරුවරියක් ලෙද දේදුණු සහ වැනීෂා අත් කරගත් දේ ද ඉතිහාසයේ කවදාකවත් මැකී නොයනු ඇත.නමුත් ඉන්දීය ජයග්‍රහණය ගැන එරට ක්‍රීඩාවට මේ මොහොතේ මෙන් අතීතයේ සමබන්ධව සිටි විරුවන් ද,වීරවරියන් ද සිය සමාජ මධ්‍ය ජාලාවල තබන සටහන් මෙන් සටහන් ශ්‍රී ලංකාවෙ දකින්නට ලැබෙන්නේ දුලබවය. ලංකාවේ හැටි එහෙමය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan