රැල්ල අපටයි. ඔක්කොම දැන් බයවෙලා අපට ගහනවා – විජිත හේරත්

Date:

රට හදන්න හැකි කණ්ඩායමකට රට භාරදී මේ ආණ්ඩුව වහාම ඉවත් වියයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

“රටේ ජනරැල්ල ගහලා තියෙන්නෙ මාලිමාවට. දැන් ඔක්කොම යන්නෙ මාලිමාවේ පැත්තට. හිත ගිය තැන මාලිමාව. ඒ නිසා සජබෙත් බයවෙලා, ආණ්ඩුවත් බයවෙලා, දැන් ඒගොල්ලොත් අපට ගහන්න පටන් අරන් තියෙනවා. ආර්ථිකය ගැන කතා කරන්නෙ ආයෝජකයො ගැන, අයි එම් එෆ් ගැන මහ ඔස්තාද් කතා. හැබැයි බිත්තරයක් කන්නත් උසාවි යන්න වුණා. උසස් පෙළ විභාගෙ ලියන දරුවන්ට අද විභාගෙට පාඩම් කරන්න විදියක් නෑ ලයිට් කපනවා. හැබැයි ආණ්ඩුව කරන්නෙ මොකක්ද, නාට්‍යයක් පෙන්නනවා. උපයෝගීතා කොමිසමේ සභාපතියි, විදුලිබල ඇමතියි ගහගන්නවා, රණ්ඩුවක් පෙන්නනවා. විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ලයිට් කපන්නේ නැතුව මේ මාසේ යන්න පුළුවන් කියලා ලිඛිතව භාරදීලා තියෙනවා. හැබැයි ඇමති කියනවා ඒක බලහත්කාරයෙන් ගත්ත අත්සනක් ලු. එහෙම බලෙන් ලේකම්වරුන්ගෙන් අත්සන් ගන්න පුළුවන්ද ? ජනතාව මේවා පිළිගන්නෙ නෑ. රට හදන්න පුළුවන් කණ්ඩායමකට භාරදීලා මේ ආණ්ඩුව වහාම අයින් වෙන්න ඕනෙ”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (30) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...