රැල්ල අපටයි. ඔක්කොම දැන් බයවෙලා අපට ගහනවා – විජිත හේරත්

Date:

රට හදන්න හැකි කණ්ඩායමකට රට භාරදී මේ ආණ්ඩුව වහාම ඉවත් වියයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

“රටේ ජනරැල්ල ගහලා තියෙන්නෙ මාලිමාවට. දැන් ඔක්කොම යන්නෙ මාලිමාවේ පැත්තට. හිත ගිය තැන මාලිමාව. ඒ නිසා සජබෙත් බයවෙලා, ආණ්ඩුවත් බයවෙලා, දැන් ඒගොල්ලොත් අපට ගහන්න පටන් අරන් තියෙනවා. ආර්ථිකය ගැන කතා කරන්නෙ ආයෝජකයො ගැන, අයි එම් එෆ් ගැන මහ ඔස්තාද් කතා. හැබැයි බිත්තරයක් කන්නත් උසාවි යන්න වුණා. උසස් පෙළ විභාගෙ ලියන දරුවන්ට අද විභාගෙට පාඩම් කරන්න විදියක් නෑ ලයිට් කපනවා. හැබැයි ආණ්ඩුව කරන්නෙ මොකක්ද, නාට්‍යයක් පෙන්නනවා. උපයෝගීතා කොමිසමේ සභාපතියි, විදුලිබල ඇමතියි ගහගන්නවා, රණ්ඩුවක් පෙන්නනවා. විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ලයිට් කපන්නේ නැතුව මේ මාසේ යන්න පුළුවන් කියලා ලිඛිතව භාරදීලා තියෙනවා. හැබැයි ඇමති කියනවා ඒක බලහත්කාරයෙන් ගත්ත අත්සනක් ලු. එහෙම බලෙන් ලේකම්වරුන්ගෙන් අත්සන් ගන්න පුළුවන්ද ? ජනතාව මේවා පිළිගන්නෙ නෑ. රට හදන්න පුළුවන් කණ්ඩායමකට භාරදීලා මේ ආණ්ඩුව වහාම අයින් වෙන්න ඕනෙ”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (30) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...