*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ජරාව ගන්න එපා, දරුවන්ටවත් හරියන්නේ නෑ – ඇමති ටිරාන් පොලිසියට කියයි

ඇතැම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග පවත්වාගෙන යන සබඳතා වහාම නතර කළයුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරයි.

“අපි දැන් බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලගෙන් වැඩ කොටසක්. ඒක තමයි දැන් ඔබතුමාලගේ පළාත්වල අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මත්ද්‍රව්‍ය උවදුර.ඒක කොහොම හරි අපි නවත්තගන්න ඕනේ.තමන්ගෙ නිලධාරීන් සියලු දෙනාම දැනුවත් කරන්න ඕනේ.දැනුවත් කරලා අපි පැය 24 ම ගත කරන්න ඕනි මේක නවත්තන්න. ඒ මොකෝ මේ රටේ අපේ දූ දරුවන්ගේ සියලු දෙනාම නැති කරන ප්‍රශ්නයක් තමයි මේක.එතකොට දැන් මේකෙදි,මම සලකන්නේ මේ ඔක්කොම අපේම අය අපේම පවුල වගේ ඒක හින්ද මම කියන්න තියෙන ටික කියනවා.

මම දන්නවා මේ සමහර පොලිස් නිලධාරිනුත් මේවට සම්බන්ධයි.අපි දන්නවා මේ මෑත කාලෙක වෙච්ච සිද්ධියි,පොලිස් නිලධාරීන්ට විරුද්ධව අපිට ගන්න වුන ක්‍රියාමාර්ග අපි සියලු දෙනාම දන්නවා.ඉතිං මත්ද්‍රව්‍ය නැති කරන එකේ මුල්ම එක තමයි මත්ද්‍රව්‍ය විකුණන අය එක්ක සම්බන්ධකම් පවත්වන්න එපා.

මම දන්නවා එහෙම අය සමහර ඕඅයිසී ලට සමහර පොලිස් නිලධාරීන්ට ගෙදෙට්ට මස් මාළු ටික එවනවා,එළවළු ටික එවනවා.ඉතිං ඒවා වහාම නවත්වන්න.ඒ මොකෝ මං එකක් කියන්නං ඒ වගේ අයගෙන් එවැනි දේවල් තමන්ගේ ළමයින්ට කන්න දුන්නොත් එය ළමයින්ට හරියන්නෙත් නෑ.ඉතිං ඒක හොඳට ඔලුවට ගන්න.ඒ මිනිසුන්ගේ විදිහ තමයි මොනවා හරි එවලා යාළුවෙලා ඒ මිනිස්සුන්ගෙ වැඩපිළිවෙළ කරගෙන යන එක.ඉතින් මම අලුතින් පත් වෙච්ච ඕඅයිසී ලටයි,අනිත් හිටපු අයටයි,සියලු දෙනාට ජේෂ්ඨ නිලධාරින් සියලු දෙනාටම කියන්නේ කවුරු හරි හැම්පර් එකක් එව්වොත් මේක ඉස්සෙල්ලම එන්නේ කාගෙන්ද කියල බලන්න.ගන්න එපා.ඕවා අරගෙන ඕවා කාල බීල හරියන්නේ නෑ.

එතකොට අන්ඩවර්ල්ඩ් එක,දැන් පාතාලයත් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධයි.දැන් හරියට මේ දවස්වල පාතාලය,විශේෂයෙන් බස්නාහිර පළාත,දකුණු පළාත මේ සියලු දෙනාම දන්නවා. අපි මේවා හැමතිස්සේම සාකච්ඡා කරනවා.අපි මොන ක්‍රමයකින් හරි මේක නවත්වන්න ඕනේ.

ජනාධිපතිතුමා කියලා තියෙන්නේ ගන්න තියෙන ඕනම පියවරක් ගන්න,අරගෙන මේක නවත්තන්න කියලා.ඉතින් අපිට ඔය සියලු දෙනාගේම සහයෝගය ඕනේ මේ වැඩේට.

ලංකාවේ ඉන්නවා ඕඅයිසී ලා හයසිය ගානක් විතර . ඩිවිශන් ලා ඩී.අයි.ජී ලා.සියලු දෙනාම එකට එකතු වෙන්න ඕනේ අද ඉඳලා මේක තමයි අපේ ටාර්ගට් එක මත්ද්‍රව්‍ය සහ පාතාලය , ඒක ඇතුළෙ ම තමයි අපරාධත් එන්නේ.අනිත් අපරාධ ත් ඔව්වට ඔක්කොටම සම්බන්ධයි.ඉතින් ඒක හින්දා කරුණාකරලා මම කියන්නේ ඒ කුඩු විකුණන මිනිස්සු එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න එපා.එහෙම තියා ගත්තොත් මට දැනගන්න ලැබෙනවා.

මම මේ සියලු දේට බුද්ධි අංශ වල සහාය ලබා ගන්නවා ලබාගෙන හැම එකම හොයනවා.ඒක හින්දා කරුණාකරලා අද ඉඳන් අපි හරි වැඩේට එකතු වෙමු.

වැරැදි විදිහට මුකුත් හම්බ කරන්න යන්න එපා.ඒ මොකෝ මම නම් විශ්වාසය කරන්නේ මං මොකක් හරි වැරදි වැඩක් කෙරුවොත් ඒක මට වැදුන් නැත්නම් මගේ ළමයින්ට වදිනවා. ඉතින් තමන්ගේ ළමයින්ට තමන් ආදරයක් තියෙනවා නම් කරන්න එපා වැරදියට සල්ලි හොයන්න යන්න එපා. මම මේ සමහරවිට කියන්නේ පොලිසියේ අතළොස්සක් කරන වැඩ වෙන්න පුළුවන්. නමුත් මම ඒ දේ සියලු දෙනාටම ඒ දේ කියන්න ඕනේ.

පොලිස්පතිතුමා හැමතිස්සෙම කියනවා පළාත්භාර ජ්‍යේශ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තමයි ඒ පළාතේ පොලිස්පති කියලා. ඒ වගේම මම හිතනවා පොලිස්පතිතුමා, හරිද දන්නේ නෑ.තමන්ගෙ පොලිස් ස්ථානයට අයිති ඒරියා එකේ පොලිස්පති තමයි ඕඅයිසී.ඉතින් අන්න එහෙම හිතන්න.ඒ මොකෝ අපි ඕඅයිසී ලයි,ඊට ඉහල නිලධාරීනුයි හරියට හිටියොත් හරියට වැඩ කළොත් තමයි පහළ නිලධාරීන් ඒක අනුගමනය කරන්නේ.තමන් මොනා හරි වැරදියට කරනවා නම් පහල අයත් හිතනවා “සර්ත් ඕකමනෙ කරන්නේ ඉතින් අපිත් කෙරුවාම මොකද කියලා”. ඉතින් මම කියන්නේ ඒ දේවල් කරන්න එපා.

එතකොට මං ජ්‍යේශ්ඨ නිලධාරීන්ටත් කියන්නේ ඔය පරීක්ෂා කිරීම් වලට ( inspection ) ගියාම පාටි දාන්න වැඩක් නෑ.ඕඅයිසී ලාගෙන් වටේ ඉන්න අය සල්ලි එකතු කරගෙන පාටි එකක් කරලා වැඩක් නෑ.එතකොට පරීක්ෂාකිරීම් ( inspection ) වෙන්නෙත් නෑ පාටි එක වෙන්නෙත් නෑ.ඉතින් ඒ වගේ දේවල් නවත්තන්න.දැන් මට තියෙන පැමිණිලි තමයි,මෙස් බිලට දානවා,ඒකෙන් කපනවා,ඒකෙන් ගන්නවා.ඒකයි මම හිතුවේ මේ ටික ඔක්කොම අද කතා කරනවා කියලා.

අදින් පස්සේ මට මොන හරි ආවොත් එහෙම ඊට පස්සේ අඬාගෙන එන්න එපා.ඒ මොකෝ මම හැම එකම චෙක් කරනවා.කොයි පොලිසියද, කොයි ඒරියා එකේද,හැම එකම චෙක් කරනවා මං.ඉතිං එහෙම කරලා අපි ඔක්කොම එකතු වුණොත් අපිට මීට වඩා හොඳ පොලීසියක් රටට පෙන්නන්න පුළුවන්.

දැන් සමහරවිට මෙහෙම කරන්නෙ නැති අයට ලැජ්ජත් ඇති.ඕගොල්ලන්ටම ඇහෙනවා ඇතිනේ සමහර මිනිස්සු කියනවා “වැඩිම හොරු ඉන්න පොලිසියේ පගා ගහන්නේ පොලිසිය ” එහෙමනේ කියන්නේ මිනිස්සු.

ඉතිං අපි ඒක නැති කරගන්න ඕනෙ. ඔය අනිත් එක තමයි අපි ඔය ඉස්සෙල්ලා මං කිව්වා වගේ අපි එකා වගේ ඉන්න ඕනේ.එක්කෙනාට එක්කෙනා කප කප ගොඩක් පොලිසියේ මං දකින ඒවා මම මේ කියන්නේ.එක්කෙනාට එක්කෙනෙක් නෑ.අරයව කපලා මම උඩට එන්න කොහොමද.අන්න ඕවා තමයි වැඩ කරන්නෙ ඔළුවේ.

ඉතිං ඒවා නවත්තන්න.ඔක්කොම එකට වැඩ කරන්න.ඔය අනිත් එක පොලිසියේ අය හැසිරෙන විදිහෙන්ම තමයි මහජනයාගේ ගෞරවය ලැබෙන්නේ.ඉතින් ඒ විදිහට හැසිරෙන්න.”

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති දීපව්‍යාප්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan