ත්‍රස්ත චෝදනාවලින් නිදහස් වුණත් වසන්ත මුදලිගේ යළි බන්ධනාගාරයට !

0
1101

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව යළිත් බන්ධනාගාරය කරා රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබුණු චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (31) නියෝග කර තිබිණි.

එසේවෙතත් ඔහුට අදාළව පවතින වෙනත් නඩු කටයුත්තකට ඇප ලැබී නොමැති නිසා මෙසේ ඔහුව යළිත් බන්ධනාගාරය කරා රැගෙන ගොස් ඇති බව සඳහන්.

RN