බන්දුලගෙන් පොල් සහනයක් – සතොසේ පොල් 75ට බස්සයි – ගෙඩි ගන්න බැරි අයට කිරි පැකට්

Date:

සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද (31) සිට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට එකවර පොල් ගෙඩි 05ක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇති අතර මෙම මිල අඩු කිරීමට අදාළව පොල් සංවර්ධන අධිකාරිය සමග සතොස ආයතනය ගිවිසුමට අත්සන් තැබීමද සිදුවිය.

මෙම වර්ෂය පුරාවටම ලොකු පොල් ගෙඩියක් උපරිම සිල්ලර මිල ලෙස රු.75කට සතොස හරහා අලෙවි කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහිදී එහෙම පොල් ගෙඩි වශයෙන් ලබාගැනීමට නොහැකි පාරිභෝගිකයින්ට ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත අපනයන තත්ත්වයේ තියෙන පොල් ගෙඩි දෙකක කිරි පැකට් රු 150කට සතොසෙන් ලබාගැනීමට හැකි බවද අමාත්‍යවරයා කියාසිටියේය.

මේ අතර වෙළෙඳපොළේ පොල් මිල තවදුරටත් පහළ වැටුණහොත් ඒ අනුව මිල අඩු කිරීමට කටයුතු කරන බවයි ගුණවර්ධන මහතා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...