සනත් නිශාන්තගේ බිරිඳ දේශපාලනයට..?

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW): තම සැමියා වන සනත් නිශාන්ත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලනඥයකු බවත්, පුත්තලමේ ජනතාව සහ පක්ෂ නායකත්වය ඉල්ලීමක් කරන්නේ නම් තම සැමියා වූ සනත් නිශාන්තගෙන් හිස් වූ තැන පිරවීම සම්බන්ධයෙන් සිතා බලන බව චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය කියා සිටී.

චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ,

‘මගේ මහත්තයා පුත්තලම දිස්ත්‍රික්කයට වගේම රටේ ජනතාවටත් විශාල සේවයක් කළා. එතුමාගෙන් පිළිසරණක් පතා ආ අයෙක් කවදාකවත් හිස් අතින් යැව්වේ නැහැ. මේ විපත මටත් දරුවන්ටත් අදහගන්න බැහැ. හරියට හීනයක් දැක්කා වගේ. මගේ ස්වාමියාගේ මරණයේ උණුසුම යන්නත් කලින් ඇතැම් මාධ්‍ය මම දේශපාලනයට එනවා කියලා පළ කරලා තියෙනවා. ඒ කිසිම කෙනෙක් ඒ ප්‍රවෘත්ති පළ කළේ මගෙන් අහලා නෙවෙයි. දේශපාලනයට එනවා කියලා මම කිසිම මාධ්‍යයකට කියලා නැහැ. මම මහත්තයාගේ පෞද්ගලික ලේකම් විදිහට එයාගේ දේශපාලන කටයුතුවලින් හරි අඩක් පමණ මෙහෙයවූවා. කිසි දවසක දේශපාලනයට එන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. දැනටත් එහෙම බලාපොරොත්තුවක් නැහැ. නමුත් එතුමාගෙන් හිස් වූ තැන පුරවමින් ඒ ජනතා මෙහෙවර ඉදිරියට අරගෙන යන්න කියලා පුත්තලමේ ජනතාවත් රටේ ජනතාවත් වගේම පක්ෂ නායකත්වයත් ඉල්ලීමක් කරනවා නම්, මට ඒ ගැන හිතලා බලන්න වෙනවා.

මගේ දරුවන් සිව්දෙනාගේ අනාගතය සම්බන්ධයෙන් මට විශාල වගකීමක් පැවරී තිබෙනවා. මට හොඳ රැකියාවක් තියෙනවා. හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. මම තනි වෙලා නෑ කියන හැඟීමෙන් ඉදිරි කටයුතුවලට මුහුණ දෙනවා. මම දේශපාලනයට ආවත් මගේ මහත්මයා කළ දේශපාලනය කවදාවත් මට කරන්න වෙන්නේ නැහැ. ඇතැම් අය විවේචනය කළත් එයා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දේශපාලනඥයෙක්. එයා දවසේ වැඩි කාලයක් ජනතාව වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු කෙනෙක්. මගේ මහත්තයා වටේ විශාල පිරිසක් හිටියා. ඒක තමයි එයාගේ ශක්තිය.

පුත්තලම් දිස්ත්‍රික්කයේ අතිවිශාල පිරිසක් සඳහා මගේ මහත්තයා ඉඩම් වගේම ගෙවල් හදලා දුන්නා. ඉන්න තැනක් නැති අයට ගෙවල් දහ පහළොස්දාහක් හදල දුන්නු මගේ මහත්තයාගේ දේහය තියන්න තැනක් අපිට නැති වුණා. අන්තිමේදි තාවකාලිකව ඉදි කරපු තැනක තමයි අවසන් කටයුතු පවා කරන්න වුණේ.

මම පුත්තලම් දිස්ත්‍රික්කයේ කාන්තා සංවිධාන 500කට අධික ප්‍රමාණයකට නායකත්වය ලබා දෙනවා. කාන්තාවන්ගේ දුක මම දන්නවා. අද මේ සිද්ධියෙන් මම වගේම පොලිස් සැරයන් අනුරාධගේ බිරිය ලක්ෂිකා මහත්මියත් දැඩි වේදනාවකට, කම්පනයකට පත්වෙලා ඉන්නවා. මම එතුමියගෙ වගේම සැරයන් ජයකොඩි මහතාගේ පුතා සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම සහයෝගයක් දෙනවා. එයාලට තනි වෙන්න දෙන්නේ නැහැ”

යනුවෙන් ඇය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...