ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගනී

0
313

අභිනව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පසුගියදා මල්වතු – අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

ඒ මහතා පළමුව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල මහනායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතනාභිධාන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යතාර්ථයක් බවට පත්කිරීම උදෙසා අභිනව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට විශාල වගකීම් සමුදායක් පැවරී ඇති බව පෙන්වා දුන් මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු රටේ වර්තමාන තත්වය තේරුම් ගනිමින් ජනතාවට සේවය කිරීමට ආශිර්වාද එක් කරන බව පැවසූහ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here