පොලිසියේ දෙපිරිසක් මහපාරේ ගුටි කෙළගනී. දෙදෙනෙක් අත්අඩංගුවට

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයෙහි වරකාපොල ප්‍රදේශයේදී පොලිසියේ දෙපාර්ශ්වයක් අතර පසුගිය 30 වනදා ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එක් පොලිස් පාර්ශ්වයක් 30 වනදා රාත්‍රියේ රඹුක්කන ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටින අතරතුර වාහන ගමනාගමනය සම්බන්ධයෙන් අනෙක් පාර්ශවය සමග ගැටුමක් ඇති කරගෙන ඇති බව සඳහන්.

එම දෙපාර්ශ්වය ඒ මොහොතේ සිවිල් ඇඳුමින් සිට ඇති අතර ගැටුමින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහල්ගතව සිටින බවත් වාර්තා විය.

සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් සඳහන්.

ශ්‍රී ලංකා පොලිසියේ විනය බිඳවැටීම සම්බන්ධ සිද්ධීන් ගණනාවක්ම පසුගිය කාලය තුළ වාර්තා වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...