දකුණු ආසියාවේ විශිෂ්ඨතම මාතෘ රෝහල මාර්තු මස දී වැඩ අරඹයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස දී සෞඛ්‍ය සේවයට එක් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටී. දකුණු ආසියාවේ විශිෂ්ඨතම මාතෘ රෝහල ලෙසද මෙය හැඳින්විය හැකි බව අමාත්‍යවරයා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ, බහු කාර්ය සංවර්ධන සහායක පුහුණුලාභීන් 93න් දෙනෙකුට සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

මහමෝදර මාතෘ රෝහල දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ඨතම මාතෘ රෝහල බවට පත් කරමින් මාර්තු මස එය කරාපිටියට ගෙන යන බවත් දැනට එහි වැඩකටයුතු 99%ක් ම අවසන්ව තිබෙන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...