අද සිට පනත බලාත්මකයි – සමාජ මාධ්‍ය වැරදියට භාවිතා කළොත් වැඩ වරදියි!

Date:

කොළඹ LNW:මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට (Online Safety) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) උදෑසන අත්සන් තැබීය.

පසුගිය 23 සහ 24 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව එම පනත වැඩි ඡන්ද 46 කින් සම්මත විය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කොට සංශෝධන සහිතව ජනවාරි 09 දින සම්මත වූ ජාතික ජලශාස්ත්‍රීය සහ ජනවාරි මස 10 වැනි දින සම්මතවූ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත් ද්විත්වයට ද කථානායකවරයාගේ සහතිකය හිමිව තිබේ.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 7 දරන ජාතික ජලශාස්ත්‍රීය පනත සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ලෙස බලාත්මක වනු ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...