සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයේ – සේවා සැපයීමට රෝහල්වලට හමුදාව කැඳවයි!

Date:

කොළඹ LNW:සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් අද (01) දින සිට ක්‍රියාත්මක කර තිබෙන අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල වැඩකටයුතු පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට කටයුතු කර තිබේ.

සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමිනුයි සෞඛ්‍ය වෘත්තීය සමිති මෙලෙස වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ.

ඒ අනුව මේ වනවිට බටහිර, නැගෙනහිර, මධ්‍යම සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම, හෝමාගම සහ කෑගල්ල ඇතුළුව රෝහල් 26ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා භට පිරිස් යොදවා ඇත.

මේ අතර හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීමට අමතර භටපිරිස් සූදානම් කරන ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසත් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම ගැටළුව මතුවුණි.

වෛද්‍යවරුන්ට ලබා දෙන දීමනාවට සාපේක්ෂව තමන්ට ලබා දෙන දීමනා රුපියල් 35,000 කින් වැඩි කරන ලෙසයි පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඉල්ලා සිටින්නේ.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

https://www.readphotos.com/photo-stories/641/72-health-unions-are-on-strike

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...