විදුලි අර්බුදය ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරන්න – සිවිල් සංවිධාන හෙට ජනාධිපති ලේකම් කාර්යාලයට

0
356

විදුලි අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා වහාම ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස බලකරමින් හෙට දින සිවිල් සංවිධාන වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.

එහි කැඳවුම්කරු අසේල සම්පත් මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින් වහාම මෙම විදුලි අර්බුදයේ ඇත්ත ගැන සොයා බැලිය යුතු බවයි.

ජනාධිපති කොමිසමක් පත්කිරීමෙන් පසු පෞද්ගලික විදුලි බලාගාරවලින් කොමිස් ගන්නේ කවුද? සූර්ය බල විදුලි බලාගාර ඉදිකිරිම අවහිර කරන්නේ කවුද? වශයෙන් හඳුනා ගැනීමට හැකිවන බව මෙහිදී අසේල සම්පත් මහතා කියාසිටියේය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here