ආනයනික කන්ටේනර් 323 ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා ගැන විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ (LNW):

මුදල් අමාත්‍යාංශය විසින් ,ආනයනික කන්ටේනර් 323 ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත්කර ඇති බව සඳහන් වේ. නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්න මහතාගෙන් සභාපතීත්වයෙන් අදාළ විමර්ශන කමිටුව ක්‍රියාත්මක වෙයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්. බී ජයසුන්දර, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී කුරුම්බලපිටිය  සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබන බව පැවසේ.

තවද, ගොඩගැසී ඇති කන්ටේනර් නිශ්කාෂණය කිරීමේ දින 4ක මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගත් අතර, එම මෙහෙයුම ඊයේ අවසන් වූ අතර, පූර්ණ කාර්ය මණ්ඩලයක් යොදවා වරායේ ගොඩගැසී ඇති කන්ටේනර්, නිශ්කාෂණය කිරීම ඒ යටතේ සිදු කෙරුණ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...