එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට ආයෝජනයට එකඟතාව පල කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ (LNW):

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට වරාය හා ගුවන්⁣සේවා සඳහා ආයෝජනයට එකඟතාව පල කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය බිමල් රත්නායක සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි යන මහත්වරුන් අතර පැවැති වි⁣ශේෂ හමුවකදී ඒ බව අනාවරණවී ඇති බව, එම අමාත්‍යාංශය සඳහන් කළේය.එහිදී , ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරයා ගුවන් පර්යන්තයක් සඳහා ආයෝජනයට ද, එකඟතාව පළ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ මාසයේ මැද භාගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පැවසුවේය.

අමාත්‍යාංශය නිවේදනය කළේ , එම සංචාරය පිළිබඳවත් තානාපතිවරයා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග සාකච්ඡා කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...