රෙජිනෝල්ඩ් කුරේ මැරුණා නෙවෙයි මැරුවා – මෛත්‍රීගෙන් හෙලිකොප්ටරයට චෝදනා !

Date:

හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණයට හේතු වූයේ ජනතා නිදහස් සන්ධානයෙහි කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාපය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ප්‍රශ්නය – ඇයි ඔබතුමාව හෙලිකොප්ටරයෙන් තල්ලු කරන්නෙ ?

“මාව හෙලිකොප්ටරෙන් තල්ලු කෙරුවේ නැහැ. මමයි අයින් වුණේ. රෙජිනෝල්ඩ් කුරේ මහත්තයා මැරුණා නෙවෙයි මැරුවා. මැරුණා නෙවෙයි මැරුවා !”

ප්‍රශ්නය – මේක බරපතළ ප්‍රකාශයක් … කවුද මැරුවේ රෙජිනෝල්ඩ් කුරේ මහත්තයාව ?

“ඒ සාකච්ඡාවෙදී ලොකූ රණ්ඩුවක් ඇතිවුණා. ලොකු රණ්ඩුවක් ඇතිවෙලා තදින් දොස් කියලා තියෙනවා කීපදෙනෙක්. ඒක එයාට වාවන්නෙ නැතුව ගියා. සාකච්ඡාවෙන් නැගිටලා ගෙදර ගියා. මේ මනුස්සයා නැතිවුණා”

ප්‍රශ්නය – මේ නාමයෝජනා ප්‍රශ්නය නිසා රෙජිනෝල්ඩ් කුරේ මහත්මයා නැතිවුණා කියලා ඔබතුමා කියන්නෙ ?

“මම පැහැදිලිවම කියනවා ඒක”

ප්‍රශ්නය – ඔය කාරණයෙන් පස්සෙද ඔබතුමන්ලා හෙලිකොප්ටරයෙන් ඉවත් වෙන්න තීරණය කළේ ?

“පැහැදිලිවම ඔව්”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...