Outlook සහ Teams ඇතුළු Microsoft සේවා රැසක් ලොව පුරා බිඳවැටෙයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13:
ලොව පුරා පරිශීලකයන් රැසකට බලපාමින් Microsoft සමාගමේ සේවා පද්ධතියේ ඇති වූ දැවැන්ත බිඳවැටීමෙන් පසු එම සේවා යළි යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර තිබේ.

මෙම තාක්ෂණික බිඳවැටීම හේතුවෙන් Outlook විද්‍යුත් තැපැල් සේවාව, Microsoft Teams ඇතුළු Microsoft 365 සේවා භාවිත කිරීමේදී පරිශීලකයන්ට දැඩි බාධා එල්ල වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, සේවා බිඳවැටීමේ උච්චතම අවස්ථාවේදී ලොව පුරා පරිශීලකයන් 130,000කට ආසන්න පිරිසක් තම සේවාවන් වෙත ප්‍රවේශ වීමේ ගැටලු වාර්තා කර තිබේ.

Outlook හරහා විද්‍යුත් තැපැල් පණිවිඩ යැවීමට හා ලබා ගැනීමට නොහැකි වීම මෙන්ම විද්‍යුත් තැපැල් ගිණුම් වෙත පිවිසීමේදී සහ පණිවිඩ විවෘත කිරීමේදී ද ගැටලු මතුව ඇත. Teams, Word, Excel, PowerPoint, SharePoint සහ OneDrive වැනි සේවාවන්ට ද මෙම තත්ත්වය බලපා තිබේ.

මෙම බිඳවැටීමට හේතුව ලෙස Microsoft සමාගම පෙන්වා දෙන්නේ සිය පද්ධතියේ සේවාදායක (Servers) කිහිපයක් අනපේක්ෂිත ලෙස අක්‍රිය වීමෙන් ඉතිරි සේවාදායක මත අධික පීඩනයක් ඇතිවීම බවයි.

කෙසේ වෙතත්, මෙය සමස්ත පරිශීලක ප්‍රමාණය ඉහළ යාම නිසා සිදුවූවක් නොවන බව ද සමාගම පැහැදිලි කර තිබේ.

බලපෑමට ලක්වූ සේවාදායකවලින් කොටසක් යළි ක්‍රියාත්මක කිරීමට සමාගම මේ වන විට පියවර ගෙන ඇති අතර, ඒවා ස්ථාවරව ක්‍රියාත්මක වන බව ද සඳහන් කර ඇත. එමෙන්ම සේවා පද්ධතියේ පීඩනය අවම කිරීම සඳහා දත්ත ගමනාගමනය විකල්ප මාර්ග වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබේ.

එහෙත් සියලු සේවා සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීමට තවත් කාලයක් ගත විය හැකි බව සමාගම පෙන්වා දෙයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මෑතකදී සිදුකළ පද්ධති වින්‍යාස වෙනස්කම් (Configuration Updates) මෙම බිඳවැටීමට සම්බන්ධද යන්න පිළිබඳව ද පරීක්ෂා කරමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UAE හි දරුණු රිය අනතුරක් – 14ක් මරුට, 30කට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: එක්සත් අරාබි එමීර්...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 13) දිනයේදී වැසි තත්ත්වයේ...