ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම බදු අඩු කිරීම බලාත්මක වන බවයි.
ඒ අනුව ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 100ක බදු මුදල රුපියල් 10 දක්වා ද, උම්බලකට සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 202 බදු රුපියල් 10 දක්වාද අඩු කිරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා පනවා තිබූ කිලෝග්‍රෑමයට වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දද රුපියල් 50 දක්වා අඩු කිරීමටද පියවර ගෙන ඇත.


