LAUGFS ගෑස් වෙතින් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW :

LAUGFS ගෑස් මෙට්‍රික් ටොන් 3,000කට අධික ප්‍රමාණයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ තිබේ.

මෙම තොගය ලැබීමත් සමඟ, ගෘහස්ථ සහ වාණිජ පාරිභෝගිකයින් සඳහා ගෑස් සිලින්ඩර සැපයීම අදියර වශයෙන් නැවත ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව එම සමාගම ප්‍රකාශ කළේය.

එසේම, සිල්ලර වෙළඳසැල් වෙත යාමට පෙර, තමන්ට ආසන්නතම බලයලත් LAUGFS ගෑස් අලෙවි නියෝජිතයා සම්බන්ධ කර ගැනීමෙන් හෝ 1345 අංකය ඇමතීමෙන්, තම ප්‍රදේශයේ ගෑස් සිලින්ඩර තොග පවතීද යන්න පිළිබඳව පාරිභෝගිකයින්ට විමසා බැලිය හැකි බවද LAUGFS සමාගම සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26...

Outlook සහ Teams ඇතුළු Microsoft සේවා රැසක් ලොව පුරා බිඳවැටෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: ලොව පුරා පරිශීලකයන්...

UAE හි දරුණු රිය අනතුරක් – 14ක් මරුට, 30කට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: එක්සත් අරාබි එමීර්...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 13) දිනයේදී වැසි තත්ත්වයේ...