*
Saturday, June 29, 2024
spot_img

Latest Posts

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපන් ජාතිකයින් සඳහා සජීවී ශ්‍රී ලාංකීය ආහාර පිසීමේ තරඟාවලියක් සංවිධානය කරයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්මානලාභී ශ්‍රී ලාංකීය සූපවේදීන් දෙදෙනෙකුගේ සහාය ඇතිව ජපන් ජාතිකයින් සඳහා ශ්‍රී ලාංකීය ආහාර පිසීමේ තරගාවලියක් සංවිධානය කළේය. ජපන් ජාතිකයින් විසින් සිය ප්‍රියතම ශ්‍රී ලාංකීය ආහාරපාන පිළියෙළ කරනු ලබන ආකාරය පෙන්වන සජීවී වීඩියෝවක් සමඟ 140කට අධික අයදුම්පත් සංඛ්‍යාවක් තරඟාවලිය සඳහා ලැබී තිබූ අතර ඉන් තරඟකරුවන් 45 දෙනෙකු අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. එක් වටයකට තරඟකරුවන් 9 දෙනෙකු බැගින් තරඟ වට 5කින් සමන්විත අර්ධ අවසන් පූර්ව වටය වෘත්තීය මට්ටමේ ඉවුම් පිහුම් මැදිරියක් තුළ පැවැත්විණි.  එක් එක් තරඟ වටයේදී විනිසුරුවන් විසින් තරඟකරුවන් දෙදෙනෙක් බැගින් අවසාන මහා තරඟය සඳහා තෝරාගනු ලැබූ අතර එය ඉදිරියේ දී සජීවීව විකාශය කිරීමට තානාපති කාර්යාලය අපේක්ෂා කරයි. වට 5කින් සමන්විත වූ අර්ධ අවසන් පූර්ව වටය සති තුන හතරක කාලයක් තුළදී තානාපති කාර්යාලයේ ෆේස්බුක් ගිණුම සහ අනෙකුත් ආහාර පිසීමේ ජපාන යූ ටියුබ් නාලිකා හරහා විකාශය කෙරෙනු ඇත. මෙහිදී තරඟකරුවන්ට ව්‍යංජන, කෙටි කෑම සහ අතුරුපස ආදිය ඇතුළත් සිය ප්‍රියතම ශ්‍රී ලාංකීය කෑම වට්ටෝරුව නිර්මාණශීලීව සහ සුවිශේෂී ගුණාත්මක බවින් යුතුව පිළියෙළ කිරීමට පැයක කාලයක් හිමිව තිබිණි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනුග්‍රහය ඇතිව ජාත්‍යන්තරව පිළිගත් සූපවේදියෙකු අවසන් මහා තරගය සඳහා කැඳවීමට නියමිත අතර එය ජනප්‍රිය දේශීය රූපවාහිනී මධ්‍යස්ථානයක් හරහා ප්‍රචාරය කිරීමට තානාපති කාර්යාලය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ටෝකියෝ
2022 පෙබරවාරි 02 වැනි දින

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan