IMF ගැන පරස්පර විරෝධී මත නැඟෙන බවට කරන චෝදනාවට මහබැංකු අධිපතිවරයාගෙන් පිළිතුරක්

Date:

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපදෙස් ලබා ගැනීම පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (02) දින සිදුකළ ප්‍රකාශයෙන් අදහස් කෙරෙනුයේ මුදල් අමාත්‍යංශයේ සාර්ව-මූල්‍ය ඒකකයේ ධාරිතා සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා ගැනීම පමණක් බව මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳව එකිනෙක පරස්පර විරෝධී මත රජය පාර්ශවයෙන් හා මහ බැංකුව පාර්ශවයෙන් ලැබෙන බවට විවිධ පාර්ශව නඟන චෝදනාවට පිළිතුරක් වශයෙනි ඒ මහතා මේ බව සඳහන් කළේ.

සිය සමාජ මාධ්‍ය ජාලා වල සටහනක් තබමින් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ මුදල් අමාත්‍යංශයේ නව සාර්ව මූල්‍ය ඒකකය (Macro Fiscal Unit) සඳහා සාර්ව මූල්‍ය ධාරිතා ගොඩනැඟීම පිළිබඳ තාක්ෂණික සහාය වැඩසටහනක් පැවැත්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කරන බවත්, මෙය අමාත්‍යංශය තුළ සිදුවන චර්යානුගත ක්‍රියාවලියක් මිස වෙන කිසිවක් නොවන බවත් ය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...