ඇනවුම් කළ දොඹකර 3ක් කොළඹ වරායට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඇනවුම් කළ ගැන්ට්‍රි දොඹකර 12 න් පළමු දොඹකර තුන කොළඹ වරායට ඊයේ (02) දින රැගෙන එනු ලැබීය.

නැගෙනහිර පර්යන්තයේ ගැන්ට්‍රි දොඹකර 12ක් හා පර්යන්ත දොඹකර 40ක් මෙහෙයුම් සඳහා සවි කිරීමට නියමිත අතර එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 282 ක් බව සඳහන් වේ.

ගැන්ට්‍රි දොඹකර මීටර් 72ක දිගින් යුක්ත වන අතර හරස් අතට බහාලූ 26කින් යුතු නෞකාවක් එකවර මෙහෙයවීමේ හැකියාව පවතී. මෙහෙයුම් කළ හැකි සමස්ථ ධාරිතාව ටොන් 75ක් බව දැක්වේ.

මෙම ගැන්ට්‍රි දොඹකර 12 න් පළමු දොඹකර 03 කොළඹ වරාය වෙත රැගෙන ඒම සිදුවුණේ ශෙන්හුවා 24 නෞකාවෙන් බව සඳහන් වේ.

එම දොඹකර සදහා වන ලේඛණ නිල වශයෙන් එම නෞකාවේ කපිතාන්වරයාගෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා භාරගනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...