*
Tuesday, February 4, 2025
spot_img

Latest Posts

නිදහස් දා කාදිනල් හිමි ජනපතිගෙන් කල ඉල්ලීම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ (LNW):

පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටින බව 77 වන නිදහස් දිනය නිමිත්තෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පුජාවට එක්වෙමින්, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

අරගලය නැමති ජනතා නැගී සිටීමෙන් පසුව ස්ථාපිත වූ රජය ද බොහෝවිට ක්‍රියා කළේත් වියරුවේ ක්‍රමවේදය හරහා බවත්, පැවති රජයන් සමස්තයක් ලෙස ගත්කළ 1978න් පසුව බොහෝවිට ක්‍රියාකළේ, ඒකාධිපති බලතල තමන්ට රිසි ලෙස භාවිත කරමින් බවත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

“අරගලය නැමති ජනතා නැගී සිටීමෙන් පසුව ස්ථාපිත වූ රජය ද බොහෝවිට ක්‍රියා කළේ, මේ වියරුවේ ක්‍රමවේදය හරහාය. පැවති රජයන් සමස්තයක් ලෙස ගත්කළ 1978න් පසුව බොහෝවිට ක්‍රියාකළේ, ඒකාධිපති බලතල තමන්ට රිසි ලෙස භාවිත කරමිනි. මේ අයගේ දරුණුම ක්‍රියාදාමය වුයේ, රටේ නීතිය තමන් කැමති ලෙස යොදවා ගන්නට නිරිලජ්ජිතව ක්‍රියාකිරීමයි. උසාවිය මර්දනයට හා උසාවියෙන් ලබාදුන් තමන්ට අවාසි සහගත තීන්දු තීරණ අවතක්සේරුවට භාජනයට වන අයුරින් ක්‍රියාකරන අයුරු අපි දුටුවෙමි. යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහිවු ඒකාධිපති වියරුව තුළ තමන්ට රිසි ලෙස පාර්ලිමේන්තුවේ තමන් සතු අසීමිත බලය හෘද සාක්ෂියකින් තොරව ඔවුන් අවභාවිත කළ රටාවක් රට තුළ බිහිවුණි…

මේ රටේ දැන් පවතින සියලුම ව්‍යවසනයන්ට හේතුවෙන ඒකාධිපති ව්‍යවස්ථාව අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් ලෙස ද අපේ රටේ නුතන ප්‍රජාතන්ත්‍රවාදය ලෙයින් තෙත් කළ භීෂණ සංස්කෘතියේ උල්පත ලෙස ද අවනීතියට ඉඩදුන් අසාධාරණ ව්‍යුහයන්ගේ සංක්ෂිප්තය ලෙස ද සැලකිය හැකි නිසා එම ව්‍යවස්ථාව වහා අහෝසි කර රට තුළ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි දුෂණයට, භීෂණයට හා අවනීතියට කිසිදු ඉඩක් ලබානොදෙන සියලු ජන කොටස් එක මවකගේ දරුවන් මෙන් එකතු කරන්නට ඉඩ සලස්සන්නට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි. වත්මන් ව්‍යවස්ථාවට අනුබල දීම හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට තවදුරටත් කළ නොහැකියි.” ලෙස පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan