රංජන්ගේ අද නිදහස අඩමානයේ …

0
1684

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී බන්ධනාගරගතව සිටින සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (04) ජනාධිපති සමාව මත නිදහස් කෙරෙන්නේද යන්න තවමත් ස්ථිර නොමැති බව ආරංචිමාර්ග පවසයි.

මීට මූලිකම හේතුවක් වී ඇත්තේ මෙහි ප්‍රධානතම අතරමැදියා වශයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කළ, ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපති මහතා මේ වනවිට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටීම ය.

එසේම රංජන් රාමනායක මහතාගේ නිදහස් වීම සැමරීම සඳහා ජනතාව රැස්කරමින් විශාල පරිමාණයේ ප්‍රචාරණ ක්‍රියාවලියක් ඒ මහතාගේ හිතවතුන් සහ සජබ දේශපාලන ක්‍රියාකාරිකයින් විසින් සංවිධානය කරමින් පැවතීම ද ආණ්ඩුවේ නොසතුටට හේතුවී ඇති බව වාර්තා විය.

මේ අතරම මෙහි අතරමැදියෙකු වශයෙන් කටයුතු කළ අයෙකු මීට දින කිහිපයකට පෙර අප වෙත පවසා තිබුණේ ද රංජන් රාමනායක මහතාව නිදහස් කිරීම සම්බන්ධයෙන් යම් එකඟතාවක් ඇතත් පෙබරවාරි 04 වනදාම නම් එය සිදු නොවනු ඇති බවකි.

කෙසේවෙතත් මේ තත්වය සමනය වී අද දිනයේ රංජන් රාමනායක මහතාට සමාවක් ලැබෙන්නේද, නැද්ද යන්න තව පැය කිහිපයක් තුළ ස්ථිර වශයෙන්ම දැනගත හැකිවනු ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here