*
Monday, September 23, 2024
spot_img

Latest Posts

අපේම සීනී සහ අපේම එතනෝල්….

සෙවනගල සහ පැලවත්ත..ගෝඨාභය රාජපක්ෂ ජනපති තුමන් පෞද්ගලික ව්‍යවසායකයෙකු වූ ජානක නිමලචන්ද්‍ර ලංකා සීනි සමාගමෙි සභාපතිවරයා වශයෙන් පත්කරනවිට එම සමාගම යහපාලනයේ අකාර්යක්ෂමතාවය නිසාම අභාවයට යමින් තිබුනි. 6000 පමන වූ සේවකයන් අන්ත අසරනව සිටියහ.

35000 ක් පමන උක් ගොවියන්ද එලෙසම අසරනව සිටි අවස්ථාවකි..එවකට සමාගම වාර්තාකල පාඩුව බිලියන 1.3 කි..ජානක නිමලචන්ද්‍ර ස්වකීය හැකියාව විදහාපාමින් බැංකු ණය මිලියන 700 ලබාගෙන සෙවනගල සහ පැලවත්ත වැඩ ඇරඹීය.ඒවන විට ආයතනයේ පාඩුව බිලියන 1.3 විය.. ණය ගන්නේ ආයතනයක් රටක් ගොඩගැනීමට බවට හොදම උදාහරනය ලංකා සීනී සමාගමයි..සේවකයන් දිරිමත් කරමින්ම උක් ගොවියන්ගේ දහසක් ප්‍රශ්න විසදමින්, ආයතනය හිස ඔසවන්නට විය. 2020 ගෝඨාහය රජය එතනෝල් ආනයනය තහනමි කිරීම ඉමහත් වාසියක් ගෙන ආවෙ සීනී නිෂ්පාදනයෙන් ලැබෙන අතුරැඵලයක් වූ මොලෑසස් වලින් එතනෝල් නිපදවෙන අතර ඉන් 100% කට ආසන්න ලාබයක් ආයතනයට ලැබෙ.

රටට විදෙස් විනිමය ඉතිරිවෙි..රටට අවශ්‍ය එතනොල් ප්‍රමානය වූ මෙ.ටො.25 මිලියන වලින් මෙ.ටො.මිලියන 13 ක්ම සාදන්නේ පැලවත්ත සහ සෙවනගලයි. ඉතිරිය ගල්ඔය සහ අනෙකුත් පෞද්ගලික සමාගමි නිපදවයි..රටට අවශ්‍ය සීනි ප්‍රමාණය මෙ.ටො.600,000 වෙි. ඉන් 12% සපයන්නේ ලංකාවෙනි.. 88% පමන ආනයනය කෙරේ..ගල්ඔය, කන්තලේ, සෙවනගල පැලවත්ත සහ තවත් පෞද්ගලික සමාගමි මගින් සීනි නිෂ්පාදනය වැඩිකීරීම රජයේ අරමුණයි..සේවක සහ ගොවියන්ගේ පහසුකමි කර්මාන්තය නවීකරනය කිරීමටත් ලැබෙන ආදායමෙන් බිලියන 2 ක් පමන වැයකරයි. දැනට ලබන ශුද්ධ ලාභයවූ බිලියන 1.6 මෙතෙක් ඉතිහාසයේ වාර්තාකල වැඩිම ශුද්ධ ලාබයයි..වැවිලි කර්මාන්ත ඇමති තුමන්ගේ සහ රාජ්‍ය ඇමති තුමන්ගේ නොමද සහාය නිසාම මෙවන් දේශීය ආයතන වැඩිදියුනු තලහැකිවී තිබෙ…

වසර 40 පුරාවට ස්ථිර නෙකල සේවකයන් 2500 ක් පමන ස්ථිර කල අතර සේවක ප්‍රශ්න බොහෝමයක් විසදීමට හැකිවී ඇත. ගොවියන්ට ගෙවන මුදල් වැඩිකල අතර වසර දෙකක් තුල ආයතනය බිලියන ලාබ ලබන්නට විය. සේවක සහයෝගය සහ ගොවියාගේ කැපවීම තුලින් මෙම ආයතනය ආදර්ශමත් ආයතනයක් ලෙස ලාබ ලබයි.. 40000 කට පමන ජීවන අවශ්‍යතා සපයන මහඟු කර්මාන්තයක් බවට පත්කර ඇත.ගොවියන්ගේ බැංකු ණය මිලියන 480 කපාහැර ඔවුන් නිදහස් කිරීම මෙම සාර්ථකත්වයට තවත් හේතුවකි.දක්ෂ තරැණ සභාපතිවරයෙක් සහ දක්ෂ ඇමතිවරයෙක් යටතේ ලාබ ලබන සීනී සමාගම රැක ගැනීම ජාතික යුතුකමකි..

පරාක්‍රම බස්නායක Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan