*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඉන්දුනීසියාවේ ඒඩ්න්ට අම්බලන්ගොඩ වැඩි ගෞරවය – රනුදි විවාදයකින් තොරව අංක එක බව යළි සපත කරයි

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 04 කොළඹ (LNW): දකුණු පළාත් වීවෘත ජාතික බැඩිමින්ටන් සූරතාවලය නිමාවට පත් වූයේ ප්‍රෂාන වීවෘත ඉසව්වන් හි වැඩි ගෞරවය ඉන්දුනීසියාවේ ඒඩ්න් ලෙෆිල්සොන් මේනකි ට වැඩි ගෞරවය දිනා දෙමින්ය.ඔහු ත්‍රිත්ව සූරතා සඳහා හිමිකම් කියමින් පිරිමි විවෘත කේවල සූරතාවය,පිරිමි යුගල සූරතාවය සහ මිශ්‍ර යුගල සූරතාවය යන ඉසව් ත්‍රිත්වයේම සිය නම සටහන් කර ගන්නට සමත් විය.


පිරිමි කේවල අවසාන ගැටුමේදී තිළිණ රාජකරුණාට එරෙහිව ලකුණු 21 – 19 සහ ලකුණු 21 – 11 ක් ලෙස ජය අත් කරගත් ඒඩ්න් පිරිමි යුගල තරගයේදී ශ්‍රී ලාංකේය ක්‍රීඩක ආශිංෂන හේරත් සමඟ එක්ව සිය සොහොයුරා ද ඇතුළත් ඉන්දුනීසියානු යුගලයක් වන මොහම්මද් පාචිකර් සහ අන්වේන් පුත්‍ර මේන්කී පරාජය කරන්නට සමත් විය.එහිද ලකුණු තත්ත්වය දැක් වුණේ 24 – 22 සහ 21 – 15 ක් ලෙස ය.ඒඩ්න් මිශ්‍ර යුගප තරගයට මුහුණ දුන්නේ රේණු චන්ද්‍රිකා ද සිල්වා සමඟය.ප්‍රතිවාදීන් හැටියට පැමිණියේ වත්මන් ශ්‍රී ලංකා සූරිය රනිත්මා ලියනගේ සමඟ එක් වූ ඉන්දුනීසියානු ක්‍රීඩකයෙක් වූ ඇලන් ධර්ඹෂාපුත්‍ර ක්‍රිස්ටිනෝය.එම තරගයෙන් ඒඩ්න් සහ චන්ද්‍රිකා ජය ගත්තේ 21 – 15,14 – 21 සහ 21 – 17 ක් ලෙස වට තුනක් ගෙවමින්ය.


කාන්තා සූරතාවය ජය ගනු ලැබුවේ රනිත්මා ලියනගේ ට ය.ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සමඟ ඇය තුළ ඇති පරිනත බව විඳහා පාමින් ක්‍රීඩා කළ රනිත්මා කාන්තා වීවෘත අවසාන තරගය නිමා කළේ ලකුණු 21 – 6 සහ 21 – 9 ක් ලෙස ය.අනු සුූරිය බවට පත් වුණේ වරංගනා හිමසරණි ජයවර්ධනයි.කාන්තා යුගල සූරතාවයට හිමිකම් කීවේ අනුරංගි හංසමාලී මාස්කෝරාළ සහ විදාරා සුහස්නි විදානගේ යි.එහි ලකුණු තත්ත්වය සටහන් වූයේ ලකුණු 13 – 21,21-12 සහ 21 -16 ක් ලෙසය.රශ්මි භාග්‍යා සහ වරංගනා හිමසරණි ජයවර්ධන අනු සූරියෝ වූහ.


ශ්‍රී ලංකා බැඩිමින්ටන් හී ආශිර්වාදය පූර්ණ වශයෙන් ලබා දෙමින් සහ අනුග්‍රාහකත්වයන් දිනා දෙමින් ද ශ්‍රී ලංකා බැඩිමින්ටන් සභාපති රොහාන් ද සිල්වා තරගාවලියට දායකත්වය ලබා දෙන අතරේම සූරතා කුසලාන දෙකකට හිමිකම් කියන්නටත් සමත්වීම කැපී පෙණින.එසේම ඉන්දුනිසියාවේ බැඩිමින්ටන් පවුලක් සහ ඒ වටා වන හිතවතුන් පිරිසක් මිත්‍ර සංචාරයක එක් මොහොතක අම්බලන්ගොඩ තරගාවලියට සහභාගි වෙමින් දැක් වූ දස්කම් ඉතා අවධානයෙන් අවධානයට ගත යුතුය.අග්නිදිග ආසියාවේ ප්‍රබල බැඩිමින්ටන් සංස්කෘතිය මත යැපෙන ඉන්දුනීසියාවේ සමාජය සහ ජානමය ස්වභාවයන් අභිබවා යන්නට,ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙමින් ශ්‍රී ලංකා බැඩිමින්ටන් යන මේ ගමණට තව බොහෝ දේ කළ යුතුව ඇත.ඒ සඳහා ඉශළට යොමු වන ශ්‍රී ලංකා බැඩිමින්ටන් පයේ නො’එල්ලී පා යටින් අත ලබා ඉහළට තල්ලු කරන්නටත්,සියල්ල මුහුණට මුහුණ කතා කෙරෙන විවාද මණ්ඩපයකින් වඩාත් නිවැරදි අස්ථානය සටහන් කර ගන්නට සමත් වුවහොත් රොහාන් ද සිල්වාගේ නායකත්වය හරිම මඟට යොමු කරන්නටත්,හොඳම දේ නෙලා ගන්නටත් අවකාශය ලැබෙනු ඇත.


සෙසු තරග ඉසව්වන්හී ජයග්‍රාහක නාම ලේඛණය පහත දැක්වේ.

කේවල් පළග පිරිමි – සිතිල දෙව්කළණ
පිරිමි වයස 110 + – රොහාන් ද සිල්වා සහ මාර්ගෙව් මාරියෝ මේන්කි
කාන්තා 110+ – තුෂාරි රෝස්බරි බ්‍රහ්මණගේ සහ ඉනෝකා ජයලත්
මිශ්‍ර 110+ – රොහාන් ද සිල්වා සහ රේණු චන්ද්‍රිකා ද සිල්වා
අවුරුදු 11න් පහළ බාලක -රාජයි අතීබ්
අවුරුදු 11 න් පහළ බාලිකා – ඉෂ්මා ඉන්ෂාක්
අවුරුදු 11 පහළ යුගල බාලක – රාජයි අතීබ් සහ හංසික රශ්මින්ද
අවුරුදු 11 න් පහළ යුගල බාලිකා- සිහත්නා නෙතුසදී කීරවැල්ල සහ ඉනුකි සිහත්නා විජේසේකර
අවුරුදු 13 න් පහළ බාලක – අනුක විශ්වක කඩහෙට්ටිගේ
අවුරුදු 13 න් පහළ බාලිකා -සනුමි මෙත්නරා
අවුරුදු 13 පහළ බාලක යුගල – ප්‍රිතිශ් යසාර අබේගුණසිරිවර්ධන සහ අනුක විශ්වක කඩහෙට්ටිගේ
අවුරුදු 13 න් පහළ බාලිකා යුගල – රශ්මි දිනන්යා හේරත් – සනුමි මෙත්නරා
අවුරුදු 15 න් පහළ බාලක – අමාවන් අමරසිංහ
අවුරුදු 15 න් පහළ බාලිකා – බෙනුරි ජනන්ගා විපුලගුණ
අවුරුදු 15 න් පහළ බාලක යුගල -අමාවන් අමරසිංහ සහ චෙනාල් දෙව්සහන්
අවුරුදු 15 න් පහළ බාලිකා යුගල – තෙනුකි අයන්සා ද සිල්වා සහ බෙනුරි ජනන්ගා විපුලගුණ
අවුරුදු 17 න් පහළ බාලක – මිහිල රවිශ්ක ජයවීර
අවුරුදු 17 ක් පහළ බාලිකා – නෙත්මි අමායා රත්නායක
අවුරුදු 17 න් පහළ බාලක යුගල – සනුද ඉමාල් ආරියසිංහ සහ තිසත් රන්තුක රූපතුංග
අවුරුදු 17 න් පහළ බාලිකා යුගල – ඉසුරි අත්තනායක සහ සිතුමි මිනාරා ද සිල්වා
අවුරුදු 19 න් පහළ බාලක – සෙනුක් තවීශ සමරරත්න
අවුරදු 19 න් පහළ බාලිකා – රනිත්මා ලියනගේ
අවුරුදු 19 න් පහළ බාලක යුගල – අචින්ත ඉමේශාක් සහ පසිඳු මිහිරංග පීරිස්
අවුරුදු 30 ට වැඩි පිරිමි – රජිත දහනායක
අවුරුදු 30 ට වැඩි මිශ්‍ර – රජිත් සිරිවර්ධන සහ නඳුනි අනුද්‍යා පීරිස්
අවුරුදු 35 ට වැඩි පිරිමි – රොෂාන් පද්ම කුමාර
අවුරුදු 35 ට වැඩි පිරිමි යුගල- හසිත් චානක සහ අසිත මෙණ්ඩිස්
අවුරුදු 40 ට වැඩි පිරිමි යුගල – රොෂාන් පෙරේරා දහ දිනූෂ මනෝජ්
අවුරුදු 45 ට වැඩි පිරිමි – හිරුණ දිසානායක
අවුරුදු 45 ට වැඩි පිරිමි යුගල – හිරුණ දිසානායක සහ සමන්ත ජයවර්ධන
අවුරුදු 50 ට වැඩි පිරිමි – මලෙව් මාරියෝ මේනකි
අවුරුදු 50 වැඩි පිරිමි යුගල – ඉඳුනිල් ප්‍රදීප් ගුණසේන සහ චම්පික පෙරියප්පෙරුම
අවුරුදු 50 ට වැඩි මිශ්‍ර – මලෙව් මාරියෝ මේනකි සහ හෙලන් හෙල්සි පෝකී
අවුරුදු 55 ට වැඩි පිරිමි – ලක්ෂ්මන් මුතුකුඩ
අවුරුදු 60 ට වැඩි පිරිමි – රොහාන් ප්‍රනාන්දු
අවුරුදු 60 ට වැඩි පිරිමි යුගල – රොහාන් ප්‍රනාන්දු සහ සුසන්ත පෙරේරා
අවුරුදු 70 ට වැඩි පිරිමි – සුනිල් ජයසිරි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan