*
Friday, May 3, 2024
spot_img

Latest Posts

දැන් තමයි සැබෑම මහ බැංකු මංකොල්ලය වෙන්නේ. වෙන හැටි මෙන්න!

කොළඹ LNW:දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මුවාවී ආණ්ඩුව විසින් සැබෑ මහබැංකු කොල්ලය සිදුකරමින් තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ජනතාව මත එම ණය බර පැටවූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (04)තලපත්පිටිය සමාජ සේවා ආයතනයේ නිදහස් දින සැමරුම සඳහා එක්වෙමිනි.

“දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා. හුඟක් දෙනෙක් නොදන්න ඇත්ත තමයි මේ දේශීය ණය හරහා කළේ මොකක්ද? මේ රටේ ඒ ණය බර රටේ ජනතාව මත පටවපු එක. අපි කවුරුත් මේ රටේ වැඩකරන ජනතාවට අයිති සේවක අර්ථසාධක අරමුදලට ගෙවපු පොලිය සීමා කළා. ඒ සීමා කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදල හරහා මේ රටේ වැඩකරන ජනතාවට ලැබිච්ච වරදානය අඩුවුණා. හැබැයි හැමෝම කතා නොකරන දෙයක් තියෙනවා. ඒ මොකක්ද? මහ බැංකුව සතුව තිබිච්ච 25% – 26% පොලියට ආණ්ඩුව ලබාගත්ත භාණ්ඩාගාර බිල්පත්. ඒවා තමයි අර සල්ලි අච්චු ගහනවයි කියලා අපි කිව්වේ. ඒවායේ පොලිය 5% – 6% ට ආණ්ඩුව අඩු කරලා තියෙනවා. මහා භාණ්ඩාගාරය විසින් කරපු මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට අද ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රශ්නයක් මතු වුණොත්, බැංකු පද්ධතියේ ප්‍රශ්නයක් මතු උනොත්, අතේ සල්ලි නෑ ගෙවන්න. ඉතින් මොකද වෙන්නේ? අපි දන්නවා සෙලාන් බැංකුව, EAP ව්‍යාපාරය, සෙලින්කෝ ව්‍යාපාරය වැටුණා. මහ බැංකුව මැදිහත් වෙලා බේරගත්තා. ඇයි ඒක මහ බැංකුවට කරන්න පුළුවන් වුණේ? මහ බැංකුව සතුව දැවැන්ත ධනයක්, ප්‍රාග්ධන ශක්තියක් තිබිච්ච නිසා. හැබැයි අද එවැනි තත්වයක් නෑ. ඒක තමයි වැදගත් ඇයි රජය විසින් මේ ණය ප්‍රතිව්යුහගතකරණය මුවාවෙන් මහ බැංකුව හින්දවලා තියෙන්නේ. නියම මහ බැංකු කොල්ලය කරලා තියෙන්නේ එතන. මේක මේ රටේ හුඟක් දෙනෙක් කතා කරන්නේ නැහැ රටේ කම්කරු පන්තිය ගැන කතා කරාට. රටේ ලක්ෂ 220ක් ජනතාව සතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ හැකියාව බින්දුවට බස්සලා තියෙන්නේ.”

එතකොට යම් හෙයකින් යම් බැංකුවක්, මූල්‍ය ආයතනයක්, ලීසිං සමාගමක් අර්බුදයට ගියා. මොකද වෙන්නේ? භාණ්ඩාගාර සිද්ධ වෙනවා ඒ බර දරන්න. මහ බැංකුව දැන් ස්වාධීනයි. සල්ලි අච්චු ගහන්න බෑ. ඒ නිසා ඒ එක දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයට. භාණ්ඩාගාරය කොහොමද දෙන්නේ? භාණ්ඩාගාරය ආයි දෙන්නේ පෙට්‍රල් වලින්. ඩීසල් වලින්, සීනි වලින්, කිරිපිටි වලින් තව බදු ටිකක් ගහලා තමයි ඒක දෙන්නේ. අන්න ඒක තමයි මේ දේශීය ණය ප්‍රශස්ථකරණයේ ඇත්ත කතාව. ඔහොම නැතුව කරන්න තිබුණද? ඔව් තිබුණා. 37% -40% පොලී අනුපාත ලබාගත් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරපු බැංකුකරුවන්ට, ධනකුවේරයින්ට එක්කෙනෙකුටවත් අත තිබ්බේ නෑ. අත තිබ්බේ අර ලක්ෂ දෙසිය විස්සක් වෙච්ච හැම බරම කන විදුලි බිලේ,තෙල් බිලේ බර, ඒ වගේම බදු බර කන ජනතාවට. ඒ නිසා මේ ණය භයානකකම මතක තබා ගත යුතුයි. මේකෙන් අපි චූන් විය යුතු නෑ. රට දැන් මාර ස්ථාවරයි. දැන් හරි ෂෝක් කියලා. අතුරේ යන ගමනක් තමයි ශ්‍රී ලංකාව නැවත යන්නේ. ඒ නිසා අරයව අපි හෙට උදේ හිරේට ගන්නවා. බලයට ආහම මෙයාගේ දේපල ජනසතු කරනවා. පිටරට තියෙන මේගොල්ලන්ගේ දේපල අපි ගේනවා කියලා ජනතාව චූන් කරලා හරියන්නේ නැහැ. ”

ඒ අනුව දැන් ජනතාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි රණවක මහතා පැවසුවේ.

”මේ රට මෙතනින් ඔබ්බට ගෙනියන්න. අන්න ඒ ඇත්ත මේ රටේ ජනතාවට කියන්න. කොහොමද අපි ණය ප්‍රතිව්යුහගතකරණය කරන්නේ?, කොහොමද ආණ්ඩුවේ ආදායම වැඩි කරන්නේ? කොහොමද බදු බර අඩු කරන්නේ? බඩු මිල අඩු කරන්නේ, විදුලි බිල අඩු කරන්නේ. ඒ වගේම තෙල් මිල අඩු කරන්න කියන එක ගැන අපට විධිමත් ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි.” යනුවෙන් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan