*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

කළු දිනයට අභියෝග කරමින් උතුරු නැගෙනහිර ජනතාව නිදහස් දිනය සමරයි! ප්‍රධානම සැමරුම් යාපනය සහ අම්පාර

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දමිළයන්ගේ කළු දිනය ලෙස ප්‍රකාශ කරමින් උතුරේ නිදහස් දිනය වර්ජනය කිරීමටත් ඊට එරෙහිව හර්තාල් මෙන්ම විරෝධතා සූදානම් කිරීමටත් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් ඊළාම් හිතවාදී විරෝධතා සංවිධානය කර තිබුනි. එසේම, මේ සඳහා උතුරු නැගෙනහිර ප්‍රධානතම දමිළ දේශපාලන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය සහ එහි නව නායකයා ලෙස මෑතකදී තේරී පත් වූ ශිවඥානම් ශ්‍රීධරන්ද මේ සඳහා දායකත්වය දැක්වූ අතර ඒ අනුව කිළිනොච්චි නගරයේද කළු දිනයක් ලෙස දක්වමින් විරෝධතා පාගමනක් හා පෙළපාලියක් සංවිධානය කිරීම හා යාපනය, කිළිනොච්චි, මුලතිව්, අම්පාර හා ත්‍රිකුණාමළය වැනි දිස්ත්‍රික්ක ආවරණය කරමින් විරෝධතා සංවිධානය කිරීමට කටයුතු කර ඇත.

නමුත් උතුරු නැගෙනහිර දේශප්‍රේමී ද්‍රවිඩ ජනතාව ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීමට කටයුතු කර ඇත. මෙහිදී විශේෂත්වය වූයේ උතුරු නැගෙනහිර ප්‍රධානතම දමිළ දේශපාලන පක්ෂය උතුරු නැගෙනහිර කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම මායිම් නොකරමින් දමිළ ජනතාව මෙම සැමරුම් සඳහා එක්වීමය.

ඒ අනුව උතුරු පළාත තුළ සංවිධානය වී තිබූ ප්‍රධානතම ජාතික නිදහස් දින සැමරුම වූ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය හා එම සංවිධානයට අනුබද්ධ සමාජ සාධාරණත්වය සඳහා වූ කාන්තා ව්‍යාපාරයේ සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් යාපනයේ පැවති රැළිය වේ. එම රැළිය සඳහා සර්වාගමික නායකයින් හා සියළු ජාතීන් නියෝජනය වන පරිදි 2500 ක පමණ ජනතාවක් සහභාගි වී තිබූ අතර නිදහස් දින රැලියෙන් අනතුරුව යාපනය වීරසිංහම් ශාලාවේදී සංස්කෘතික අංග ඇතුලත් වැඩසටහනක්ද පැවැත්වීය. මීට අමතරව යාපනය පන්නෙයි වෙරළ තීරයේදී නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික ධජය නිරූපණය වන අයුරින් සරුංගල් සංදර්ශනයක්ද පවත්වා ඇත. තවද, යාපනයේ පැවති නිදහස් දින රැළියට අමතරව වන්නි ජනපවුර නැමති සංවිධානය විසින් දැවැන්ත රථ පෙළපාලියක් පවත්වා ඇත. ඒ සඳහා වාහන 250 ක් පමණ එක්ව ඇති අතර පුද්ගලයින් 1000 ක පමණ ප්‍රමාණයක් මෙම පෙළපාලිය වර්ණවත් කිරීමට එක්ව ඇත.

නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමළය, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලද නිදහස් දින සැමරුම් ඉතා අභිමානවත්ව පවත්වා ඇති අතර මෙහිදී ත්‍රිකුණාමළය නගරයේදී සියළු ජාතීන් සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කරන ලද නිදහස් දින පාගමන ප්‍රමුඛත්වයක් ගත් අතර තවත් සැමරුම් උත්සව කිහිපයක් කන්තලේ නගරයේදී දේශය නමැති සංවිධානය විසින් තවත් සැමරුම් කිහිපයක් සේරුනුවර සහ අවට පවත්වා ඇත. මෙයට අමතරව මඩකලපුව ප්‍රදේශයේදී 5000 ක පමණ ජන සහභාගිත්වයෙන් තවත් නිදහස් සැමරුමක් පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ අතර කාත්තන්කුඩි, එරාවූර් හා ගාන්ධි උද්‍යානය ආශ්‍රිතවද විවිධ නිදහස් සැමරුම් සංවිධානය කර තිබුනි. මෙහිදී මඩකලපුව නගරය ආශ්‍රිතව රථ පෙලපාලියකින්ද මෙවර නිදහස් දින සැමරුම වර්ණවත් කිරීමට ජනතාව කටයුතු කර ඇත. අම්පාර දිස්ත්‍රික්කය තුළද විවිධ නිදහස් දින සැමරුම් උත්සව සංවිධානය කර තිබූ අතර අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව හා පොතුවිල් ප්‍රදේශවල නිදහස් උත්සවය සැමරීමට 1000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමෙන් කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද පාර්ශව අභියෝගයට ලක්කරමින් මෙම සියළු නිදහස් දින සැමරුම් සිදුකිරීම විශේෂත්වයකි. මෙහි තවත් සුවිශේෂී සැමරුමක් සංවිධානය කිරීමට අම්පාර, ගෝනගල ප්‍රදේශයේ අගතියට පත්වූ පාර්ශවයන් කටයුතු කර ඇති අතර 1999 දී එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් විසින් කපාකොටා සමූල ඝාතනය කරන ලද පුද්ගලයින්ගේ ඥාතීන් විසින් මෙම සැමරුම සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan